සංචරණ සීමා 14 දක්වා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 2, 2021

සංචරණ සීමා 14 දක්වා

පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව 'කොවිඩ් 19' පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබිණ. රටේ 'කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ග කෙරෙන බව යුද හමුදාපතිවරයා පැහැදිලි කර තිබේ. 

මේ අතර, චීනයේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සහ ඇමෙරිකාවේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් ඉදිරි මාස කීපයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබේ.

සයිනෝෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ දහයක් ලබන 6 වැනිදාත් තවත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන 9 වැනිදාත් මෙරටට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය. 

ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ලබන ජූලි මාසයේදී මෙරට ලැබීමට නියමිතව ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා මෙම සියළුම එන්නත් ලැබෙන ලැබෙන පරිදි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය. 

මෙරටේ එන්නත අවශ්‍ය සියලු දෙනාටම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ජයසුමන මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom