ගුවන් මගීන් 2,068 ක් ඇවිල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 2, 2021

ගුවන් මගීන් 2,068 ක් ඇවිල්ලා

මගී ගුවන් යානා සදහා පනවා තිබූ තහනම අවසන් කිරීමෙන් පසුව, අද (2) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට, මගී ගුවන් යානා 29 කින් ගුවන් මගීන් 2,068 දෙනකුට මෙරටට පැමිණ ඇතැයි තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා පවසයි. 

සෞදියේ රියාද් සිට 103 දෙනකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 116 දෙනකු ද පැමිණි ඇත. ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 69 දෙනකු ද මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 

පැමිණි සියලුම ගුවන් මගීන් දින 14 ක කාළයක් නීරෝධායනය සදහා යොමු කරන අතර, ඒ අතරතුර මොවුන් පී.සී.ආර්.පරීක්ෂණ 2 කට ද සහභාගී විය යුතුය. මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 963 දෙනකු , ගුවන් යානා 11 කින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

Classified_Ad

Classified_Ad_News_Bottom