නිරීක්ෂණ කණ්ඩායමක් ගිනිගත් නැවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 1, 2021

නිරීක්ෂණ කණ්ඩායමක් ගිනිගත් නැවට

කොළඹ වරායට ආසන්න මුහුදේ ඇති එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවා දැමීමට හැකියාව ලැබුණු බවත් ගිනි නිවීමේ කණ්ඩායම් නෞකාවට ගොඩ වී ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මෙම ගින්න නිවීමේ මෙහෙයුම ‘සාගර් ආරක්ෂා මෙහෙයුම 2’ යනුවෙන් නම් කර ඇතැයි ද එම කාර්යාලය කියයි. 

මෙම මෙහෙයුම සන්ධිස්ථානයකට පිවිස ඇතැයි ද ගිනි නිවීමේ කණ්ඩායම් එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවට ගොඩ වී ඇතැයි ද සඳහන් කරන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ වනවිට තක්සේරු කිරීම් සිදු කෙරෙමින් තිබෙන බව ද කියයි.

Classified_Ad