තවත් ස්පුට්නික් එන්නත් ඉන්දියාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 1, 2021

තවත් ස්පුට්නික් එන්නත් ඉන්දියාවට

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් V එන්නත් මාත්‍රා මිලියන තුනක් අද (1) ඉන්දියාවට ළඟා විය. 

මෙය ඉන්දියාව රුසියාවෙන් ගෙන්වන ලද විශාලතම එන්නත් තොගය වන අතර මිනිත්තු 90ක වාර්තාගත කාලයකදී එම තොගය නිදහස් කිරීමට නිලධාරීන් සමත් වී ඇති බව ද වාර්තා විය. මෙම එන්නත් තොගයේ බර ටොන් 56.6ක් බව ද පැවසෙයි.

එමෙන්ම මෙම එන්නත් තොගය ඉන්දියාව ආනයනය කළ විශාලතම ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා තොගය ද වේ. 

විශේෂ ගුවන් යානයකින් ඉන්දියාව මෙම එන්නත් මාත්‍රා තොගය ගෙන්වාගත් අතර රුසියාවේ ස්පුට්නික් V එන්න විශේෂ ආකාරයකින් හැසිරවිය යුතු වේ. එපමණක් නොව එම එන්නත් මාත්‍රා සෙල්සියස් අංශක ඍණ 20ක අගයක් යටතේ ගබඩා කළ යුතු ය. 

ඉන්දියාව මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නත් වර්ග තුනකට අවසරය ලබා දී ඇත. ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කරන ‘කොවිෂීල්ඩ්’ එන්නතටත් භාරත් බයෝටෙක් සමාගම නිෂ්පාදනය කරන ‘කොවැක්සීන්’ එන්නතටත් එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය හිමි වී තිබේ.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom