නාසයට ඉසින කොරෝනා එන්නතක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 14, 2021

නාසයට ඉසින කොරෝනා එන්නතක්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි නව එන්නතක්, නාසයට ඉසින දියරයක් ලෙසින්, කුඩා දරුවන් සඳහා හඳුන්වා දීමට චීනයත් රුසියාවත් සූදානම් වෙයි. 

චීනය සහ රුසියාව පවසා ඇත්තේ ඔවුන් නිපදවන එන්නත් මේ වනවිට සායනික අත්හදා බැලීම් සඳහා ද යොදා ගෙන තිබේ. රුසියාව පවසා ඇත්තේ එලැඹෙන සැප්තැම්බර් මාසය වනවිට ඔවුන් ඔවුන්ගේ එන්නත ලොවට හඳුන්වා දෙන බවය. 

චීන සෞඛ්‍ය අමත්‍යාංශය එරට 'කැන්සිනෝ' ඖෂධ සමාගම සමඟ එක් වී ඔවුන්ගේ 'නාස් දියර' එන්නත නිපදවීම සිදු කරයි. චීනය පවසන්නේ අවුරුදු 2 ත් 12 ත් අතර දරුවන් වෙනුවෙන් මෙම එන්නත නිපදවන බවය. 

ඊට අමතරව සියාමෙන් විශ්ව විද්‍යාලය, හොංකොං විශ්ව විද්‍යාලය සහ චීනයේ බීජීං නුවර 'වන්ටායි' ජෛව තාක්ෂණ සමාගම ද එක් වෙමින් තවත් නාසයට ඉසින එන්නතක් නිපදවමින් සිටින බව වාර්තා වේ. 

රුසියාවේ 'නාස් දියර එන්නත' නිපදවා ඇත්තේ 'ස්පුට්නික් 5' ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවීමට දායක වූ ගැමලේයා ඖෂධ සමාගමය. රුසියානු රජයට අයත් මෙම ඖෂධ නිෂ්පාදන සමාගම මේ වනවිට තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නතක් නිපදවා ඇත. ඒ, 'ස්පුට්නික් 5 ලයිට්' යනුවෙනි. 

ගැමලේයා සමාගම පවසා ඇත්තේ ඔවුන් අවුරුදු 8 ත් 12 ත් වයස් කාණ්ඩයේ දරුවන් ඉලක්ක කර ගනිමින් 'නාස් දියර' එන්නත නිපදවා ඇති බවත්, සායනික අත්හදා බැලීම්වලදී එය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවත්ය.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom