සංචාරක ක්ෂේත්‍රයේ අයට එන්නත් දීම අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 10, 2021

සංචාරක ක්ෂේත්‍රයේ අයට එන්නත් දීම අද

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොවිඩ් එන්නත්කරණය කිරීම අද (10) සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඒ අනුව මෙහි පළමු එන්නත්කරණ වැඩසහන හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැවැත්වෙන අතර , තංගල්ල නගර සභා ශාලාවේදී, තංගල්ල අනන්තාරා හෝටලයේදී , තිස්සමහාරාම ඩබල් ට්‍රී හෝටලය , හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේදී ( සෆාරී රියදුරන් සදහා) සංචාරක ක්ෂේත්‍රයේ නියැළි පිරිස් හට එන්නත් ලබා දීම සිදු කෙරන බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී. 

සෘජුව සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින ලක්ෂ පහකට අධික පිරිසක් වෙනුවෙන් මෙම කඩිනම් එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම කීය. 

දිවයිනට සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් ගුවන් සමාගම් විසි පහක නියෝජිතයින් සමග ඊයේ (9) පෙරවරුවේ සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සංචාරක අමාත්‍යවරයා මේ බව සදහන් කරයි. 

සාර්ථක එන්නත්කරණය කිරීමකින් අනතුරුව රජය විසින් සහන පැකේජ ක්‍රියාත්මක කිරීමත් සමඟම සංචාරකයින් ගෙන්වාගතහැකි රටවලින් ලංකාවට සැළකියයුතු සංචාරකයින් ප්‍රමාණයක් මෙම වසර අවසාන වනවිට ගෙන්වා ගතහැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම කියයි. 

දැනටමත් මේ සම්බන්ධයෙන් සංචාරකයින් ගෙන්වීමේ ආයතන සහ ගුවන් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක් වට කිහිපයක් පවත්වමින් සැලසුම් සකස් කරමින් පවතින අතර මෙම වසර අවසාන වනවිට සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් ගේ ආදායම හැකිතාක් දුරට යථා තත්ත්වයට පත්කිරීමට රජය අපේක්ෂා කරන බවද ආමත්‍යවරයා පෙන්වා දෙයි. 

මෙම වසර අවසාන වන විට සැලකිය යුතු සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමේදී වඩාත් සැළසුම් සහගත ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරන බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom