අයිෆල් කුලුන යළි විවෘත කෙරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 17, 2021

අයිෆල් කුලුන යළි විවෘත කෙරේ

මාස 9 ක් තිස්සේ වසා දමා තිබුණු ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුන විෂබීජහරණයෙන් පසු යළි ජනතාවට විවෘත කර තිබේ. 

ප්‍රංශයේ අභිමානය ලෙස සැලකෙන මෙම සුප්‍රකට ස්මාරකය වසා දැමීමට පැරිස් බලධාරීන් කටයුතු කළේ 'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙනි. 

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අයිෆල් කුලුන මාස 9 ක් තරම් දීර්ග කාලයක් වසා දමා තිබුණු පළමු අවස්ථාව මෙය යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ. මීටර් 300 ක් උස මෙම ලෝක ප්‍රකට ස්මාරකය යළි විවෘත වී ඇත්තේ නරඹන්නන් 13,000 කට පමණි. 

මීට පෙර නරඹන්නන් 25,000 කට අවසර ලැබී තිබුණු බව පැරිස් බලධාරීහු පෙන්වා දෙති. අයිෆල් කුලුන නැරැඹීමට ද අවසර හිමිවන්නේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් අයට පමණක් බව ද පැරිස් බලධාරීහු පවසති. 

ප්‍රංශය යුරෝපා රටකි. යුරෝපා රටවල් රැසක් මේ වනවිට උත්සවශාලා, අවන්හල්, සිනමාහල් ආදිය සීමිත පිරිසකට විවෘත කර ඇති අතර, එම සීමිත පිරිසට අයත් වන්නේ එන්නත් මාත්‍රා ලබා ගත් අය යැයි පැවැසෙයි.

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom