හජ් වන්දනාව ජූලි 18 ඇරැඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 13, 2021

හජ් වන්දනාව ජූලි 18 ඇරැඹේ

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව, මෙවර හජ් වන්දනාව 18 වැනිදා සිට ආරම්භ වන බවත් ඊද් අල් ආදා සැමරුම් 20 වැනිදාට යෙදී ඇති බවත් සෞදිය පවසයි. 

කොරෝනා වසංගතයට පෙරසෑම වසරකම මිලියන 2.5 කට වැඩි මුස්ලිම් බැතිමතුන් පිරිසක් මක්කමට පැමිණ හජ් වන්දනාවට සහභාගී වෙති. 

කෙසේ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ සිට හජ් වන්දනාවට සහභාගී කරවා ගැනෙන්නේ තෝරාගත් සීමිත සෞදි වැසියන් පිරිසක් සහ සෞදියේ සිටින විදෙස් බැතිමතුන් පමණි. විදේශිකයන්ට හජ් වන්දනාව සඳහා අවසර හිමි වන්නේ නැත. 

මෙවර ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හජ් වන්දනාව පැවැත්වෙනු ඇති බවත් හජ් වන්දනාවට සහභාගී විය හැකි වන්නේ ද කොරෝනා එන්නත් ලබාගෙන ඇති අයට පමණක් බවත් සෞදි සෞඛ්‍ය අමත්‍යාංශය පවසා තිබේ.

අල් ජසීරා

Classified_Ad