පිලිපීන හමුදා ගුවන් යානයක් අනතුරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 4, 2021

පිලිපීන හමුදා ගුවන් යානයක් අනතුරේ

පිලිපීන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 45 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 53 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 

අනතුරට පත්වූයේ සී 130 හර්කියුලිස් වර්ගයේ සොල්දාදුවන් සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා දැවැන්ත හමුදා ගුවන් යානයකි. 

අනතුරට පත්වුණු මෙම යානය පිලිපීනයට ලැබී ඇත්තේ ඇමෙරිකන් හමුදාවෙනි. මීට අමතරව, පිලිපීන හමුදාවට ඇමෙරිකාවෙන් පරිත්‍යාගයක් ලෙස තවත් මෙවැනිම සී 130 යානයක් ලැබී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

පුහුණුවීම් අවසන් කිරීමෙන් පසු පිලිපීන හමුදාවට අලුතින් එක්වුණු නවක සොල්දාදුවන් රැගෙන යානය  දකුණු පිලිපීනයේ සූලු ගුවන් හමුදා කඳවුරට පැමිණ ඇත. එය අනතුරට පත් වූයේ ගුවන් කඳවුරට ගොඩබාද්දී  ගුවන්පථය මඟ හැරීමෙන් යැයි පැවැසෙයි. 

යානය දෙකඩ වී ගිනිගෙන පුපුරා ගියේය. ගුවන් පථය මඟහැරී නියමුවන්ගේ පාලනයෙන් ගිලිහුණු යානය අනතුරට පත්වෙද්දී, යානය තුළ සිටි සොල්දාදුවන් කීප දෙනකු පණ බේරා ගනිමින් යානයෙන් පිටතට පැන ඇතැයි ද පිලිපීන හමුදාව පවසයි.

යානයේ නියමුවන් තිදෙනකු සිටි අතර බරපතල තුවාල ලැබූ ඔවුන් දිවි ගලවා ගත් බව සූලු හමුදා කඳවුරේ ප්‍රධානී මේජර් ජනරාල් විලියම් ගොන්සාලේස් පවසා ඇත. සිදුවූයේ අනතුරක් බවත්, කඩාකප්පල් ක්‍රියාවක් හෝ ත්‍රස්ත ක්‍රියාවක් හෝ නොවන බවත් හමුදා ප්‍රධානියා පවසා අවධාරණය කර ඇත.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom