

ඩයනා කුමරියගේ 60 වැනි උපන්දිය නිමිත්තෙන්, ඇය ජිවත් වු කෙන්සිටන් මාලිගයේ සන්කන් උද්‍යානයේ ඇගේ පිළිරුවක් සිය පුතුන් දෙදෙනා වන විලියම් කුමරු සහ හැරී කුමරු විසින් නිරාවරණය කරන ලදී.
ඒ, ලොව පුරා සිටින අසරණ දරුවන් වෙනුවෙන් ඇය පෑ සෙනෙහස සිහිපත් කරමිනි.
''අද අපේ අම්මාගේ 60 වන උපන්දිනයයි. ඇගේ ආදරය, ශක්තිය සහ චරිතය අමරණියයි. ඇය ලොව පුරා යහපත සදහා බලවේගයක් බවට පත්කල ගුණාංග අපට තවමත් මතකයි. ලෝකය පවතින පුරා මිනිස්සු මේ පිළිමයට ගෞරවය හා ආදරය කරනු ඇත. මන්ද ලෝකයම ඇගේ කරුණාවට හා දයාවට ආදරය කළා. අම්මත් ලෝකයේ සියලු මිනිසුන්ට ආදරය කළා. ඇයගේ හදවතේ වැඩි ඉඩක් වෙන් වුයේ අසරණ දරුවන් වෙනුවෙන්ය. ඇගේ ජිවිතයේ මතකයන් අතර ගියහොත් බෝහෝ විට දක්නට ලැබෙන්නේ අම්මා අසරණ දරුවන් වෙනුවෙන් කරන ලද සේවාවන් හා ඔවුන් හා ලගින් සිට පෑ සෙනෙහසයි.'' යනුවෙන් විලියම් සහ හැරී ඔවුන්ගේ මව සිහිපත් කරමින් පැවැසූහ.
කුඩා දරුවන් දෙදෙනකු මැදින් සිටින මීටර් 2010 ක් උසැති ඩයනා කුමරියගේ එම නව පිළිරුව නිර්මාණය කර ඇත්තේ ප්‍රකට නිර්මාණකරුවකු වන රෑන්ක් බ්‍රෝඩ්ලි ය. මෙය ඩයනා කුමරිය සිහි කරමින් ඉදි කළ දෙවැනි පිළිරුවය. පළමුවරට පිළිරුවක් නිරාවරණය කෙරුණේ 2004 වසරේදීය.
රජ පවුල සමඟත් තම අයියණ්ඩිය විලියම් (39) කුමරු සමඟත් මත ගැටුම් ඇති කරගත් හැරී (39) කුමරු ජීවත් වන්නේ බිරිඳ මෙගාන් සහ දරු දෙදෙනා සමඟ ඇමෙරිකාවේය. කෙසේ නමුත් මත ගැටුම් පසෙකලා මවගේ පිළිරුව නිරාවරණය කිරීමට කුමරුන් දෙදෙනා යළි එක්වීම සුවිශේෂී සිදුවීමක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
ඩයනා කුමරිය රිය අනතුරින් මියයනවිට විලියම් කුමරුන්ගේ වයස අවුරුදු 15 කි. හැරී කුමරුන්ගේ වයස අවුරුදු 12 කි. ඩයනා කුමරිය ලොව කා අතරේත් ජනප්‍රිය චරිතයක් වූයේ 1981 වසරේ දී චාල්ස් කුමරුන් සමඟ විවාහ වීමෙනි.
BBC