

මහජන චීන ජනරජයට, එසේත් නැතිනම් චීනයට නායකත්වය ලබා දෙන චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා අද (1) ට වසර 100 ක් සපිරේ.
කොමියුනිස්ට් පක්ෂය 100 වැනි සංවත්සරය නිමිත්තෙන්, බෙයිජිං අගනුවර ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති මෙන්ම චීන ජනාධිපතිවරයා ද වන ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙනි.
දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද චීන කොමියුනිස්ට් පක්ෂයට එල්ල වන අභියෝග ජය ගනිමින් ඉදිරියට පිය නගන බවත්, කිසිවකුගේ තර්ජනවලට හෝ මැරකම්වලට හෝ හිස නොනමන බවත්, සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලන හා නිර්පක්ෂ නියෝජිතයෝ ඒකාබද්ධව ජනාධිපති ෂී ජින්පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයට සුබ පැතූ බව ද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
චීන කොමිනියුස්ට් පක්ෂයේ තරුණ ලීගය සහ යොවුන් ඉදිරි පෙළේ නියෝජිතයෝ සමූහයක් වශයෙන් සුබ පැතුම් පිරිනැමීමට ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදීට පෙළ ගැනී සිටියහ.
ඊට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මෙන්ම චීන වැසියන් 70,000 කට අධික පිරිසක් ද සැමරුමට සහභාගී වූහ.
1921 වසරේ ස්ථාපිත වූ කාලයේ 50කට වැඩි සාමාජිකයන් ගෙන් සමන්විත වූ චීන කොමියුනිසට් පක්ෂයේ අද වන විට මිලියන 95කට වැඩි සාමාජිකයෝ පිරිසක් සිටිති.
සැමරුමට සමගාමීව චීන හමුදා පෙළපාළි රැසක් පැවැත්විණි. චීන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර ආදිය වර්ණවත් ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීය.




චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීන ආර්ථික හා සමාජ සංවර්ධනය මෙන්ම ජන ජීවිතය ලොවට සුවිශේෂ අයුරෙන් දැවැන්ත පරිවර්තනයක් සිදු කර ඇත. ගෝලීය වශයෙන් දැවැන්ත බලපෑම් සහිත ලෝකයේ ප්‍රථම පාලක පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂයයි.
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ වසර 70 තුළ, ජාතික ආර්ථික සංවර්ධනය 189 ගුණයකින් ඉදිරියට ගෙන ගොස් ලෝකයේ දෙවැනි ආර්ථික ඒකකය බවට පත්ව තිබේ. නව චීනය පිහිටුවූ මුල් කාලයේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් දස ගණනක සිට වර්තමානයේදී ඇමෙරිකන් ඩොලර් දස දහසකට ළඟා වී තිබෙන බව පැවැසෙයි.
සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 35 ක සිට අවුරුදු 77 ක් දක්වා වැඩි වී ඇත. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක වීමෙන් පසු, චීනයේ ගම්මාන ප්‍රදේශ වල වෙසෙන කෝටි 77 ක දිළිඳු ජනගහණය දරිද්‍රතාවෙන් මුදවා ගෙන එය ලෝකයේ අවම වූ දිළිඳු ජනගහණයෙන් සියයට 70 කට වැඩි ප්‍රතිශතයේ ගන්නා බව ද චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
චීන මාධ්‍ය ඇසුරිනි