![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyL77AAm2Sq-Mrpwuqqo82k2vCK4BPJchTcNFbHJagY0uQ2L0nQxUAZaZJ-GWQmxXDNeKARcV3mkD2bPkIV7nnW3Q0vzS6KFWNEgKrnqj-JhpsIHy2svCkOgMkX7z5s4OpWuSm1Mi-hj09/s16000/IMG_5409.jpeg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-aXTA1M1OBK8hKJuQFrhQ4vMRh5vc0G2e6_B2ithOKJlfJztC32vrjMz4eO22z_ZonkoEqKcmxRQVolhBxAkmC1els7BBMsrg1fkP5eFTK0OO6odg-YkpYYAg-PrEMMnQnqTFqlLG4Sv2/s16000/IMG_5410.jpeg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDl3qbNZ6OhlzoN2RpLAS5f1iMxZu0NprkXGuSbX8a-szH55oLAkWvIWk-Vf03N2uXK6jsr0ZIAS0EDaYZSDa5emu3i7Iv0GwxeDEaAJof2DDsxXLPMhokHb47YayU9gwsvjkAoEGkCimR/s16000/IMG_5411.jpeg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhC2KciwYabl9LqDIUpOiFZuDzLfulg-_ih8w032s1rL4SbuZyAD1hpQ8SyoGCMMaQpA-KWPL6ZFWe6snxoNMnkOHXGrE5zE00wdz6Xiw5rwWmPC34wsByv55nmgDYPaqcd_8ntfP0rKncv/s16000/IMG_5412.jpeg)
කොවිඩ් 19 කල්තියා හදුනා ගැනීම සදහා කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ කට්ටල (Rapid Diagnostic Tests - RDTs) ලක්ෂ පහක් පසුගිය 22 වැනිදා මෙරටට පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 30 ක් වටිනා (ඇ.ඩො. මිලියන 1.5) මෙම පරීක්ෂණ කට්ටල, ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඒක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදුන් බවද ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මෙම ඉකුත් 16 දින ඇමරිකානු ජනතාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ, මිලියන 1.5 ඉක්මවන මොඩර්නා එන්නත් ප්‍රමාණයට අමතරව මෙම පරිත්‍යාගයන් මෙරටට ලබා දුන් බවද එම තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ඉකුත් වසරේ මෙම වසංගතය ඇරඹි මුල් කාලයේ සිට ඇමෙරිකාවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 8 කට වැඩි වටිනාකමක් ඉක්මවූ හදිසි අවස්ථා සැපයුම් , අත්‍යවශ්‍ය සේවා , වෙන්ටිලේටර් යන්ත්‍ර 200 ක් හා මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් මෙරටට ලබා දුන් බවද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යලය පවසයි.
෴ තිළිණි ද සිල්වා
උපුටා ගැනීම - ලංකාදීප මැදපෙරදිග