ගුරුවරුන්ට එන්නත් දීම සාර්ථකයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 14, 2021

ගුරුවරුන්ට එන්නත් දීම සාර්ථකයි

ගුරුවරුන්ට එන්නත් දීම සාර්ථකයි කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් සියයට 97 ක් මේ වන විට කොවිඩ් මර්දනය එන්නත ලබාගෙන ඇත‍. 

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබාදීමේ වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 

බස්නාහිර පළාත තුළ ගුරුවරුන්ගෙන් සියයට 86 කට එන්නත ලබාදී අවසන් කර තිබූ බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පමණක්, ගුරුවරුන්ගෙන් සියයට 97 ක් මේ වන විට කොවිඩ් මර්දනය එන්නත ලබාගෙන ඇත‍. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 81 ක් ද කළුතර දිස්ත්‍රික්කයේ සියයට 82 ක් ද ගුරුවරුන් එන්නත ලබාගෙන ඇති බව පැවැසෙයි. 

උපුටා ගැනීම ලංකාදීප

෴ සටහන සහ ඡායාරූප 
 ශාන්ත රත්නායක - ලංකාදීප

Classified_Ad