අවුරුදු 12 ට වැඩි දරුවන්ටත් එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 19, 2021

අවුරුදු 12 ට වැඩි දරුවන්ටත් එන්නත්

වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඖෂධ නිශ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

එමෙන්ම අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට ඉතා නුදුරේදීම කොරෝනා එන්නත් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය. 

පාසල් විවෘත කිරීමට පෙර අවුරුදු දොළහට වැනි පාසල් සිසුන්ට එන්නත ලබාදීම වැදගත් බව පෙනී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

පාසල්වල ගුරුවරුන්ට සහ ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා එන්නත ලබාදීම පසුගියදා ආරම්භ කෙරිණ. 

මේ අතර එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල කිසිදු ප්‍රශ්නයක් නැතැයිද මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය

Classified_Ad