බ්ලැක් විඩෝ වික්‍රමය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jul 10, 2021

බ්ලැක් විඩෝ වික්‍රමය

sample-ad-complete-big
black-widow-1200-3
Marvels-Black-Widow
කොරෝනා නිසා දිනෙන් දින කල් ගිය මාවල් චිත්‍රපටය 'බ්ලැක් විඩෝ' ජූලි 9 වැනිදා සිට ඇමෙරිකාවේ තෝරාගත් සිනමාහල් කීපයක තිරගත වීම් ආරම්භ කළ අතර, Disney+ හරහා ද නැරඹීමට අවස්ථාවක් උදා වී තිබේ. 

'බ්ලැක් විඩෝ' වික්‍රමය තිරගතවීමට නියමිතව තිබුණේ පසුගිය 2020 වසරේ මැයි මාසයේය. මාවල් සිනමාලෝලීන්ට අවසන් වරට නටාෂා රොමනෝෆ් හෙවත් 'බ්ලැක් විඩෝ'ගේ චරිතය දකින්න ලැබුණේ 'ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්' චිත්‍රපටයෙනි. එම චිත්‍රපටයේ නටාෂා ඇගේ ජීවිතය පරිත්‍යාග කළාය. 

දැන් තිරගතවීම් ආරම්භ කළේත් Disney+ හරහා නැරඹීමට අවස්ථාවක් උදා වි ඇත්තේත් 2016 වසරේ 'කැප්ටන් ඇමෙරිකා: සිවිල් වෝ' චිත්‍රපටයෙන් පසු සිදුවන සිදුවීම් පෙළකි. 

කෙසේ නමුත් මෙම චිත්‍රපටයේ සිදුවීම් 'ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ' චිත්‍රපටයටත් 'ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්' චිත්‍රපටයටත් ඉදිරියේ දී තිරගතවීමට නියමිත 'හෝක්අයි' ටෙලි කතාමාලාවටත් ඉන් ඉදිරියට නිර්මාණය වීමට නියමිත මාවල් චිත්‍රපට සහ ටෙලි කතාමාලාවටත් සම්බන්ධ වනු ඇත.
111758_Black_Widow_Final_B
මේ වනවිටත් 'බ්ලැක් විඩෝ' චිත්‍රපටය කෙරෙහි යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක මුදලක් වියදම් කරමින් 'බ්ලැක් විඩෝ' නිර්මාණය වී ඇත. 

මාවල් ක්‍රියාදාම චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියල්ල මෙම චිත්‍රපටයෙන් ද මාවල් ලෝලීන්ට ලැබෙයි. එපමණක් නොව, මාවල් චිත්‍රපටවල දකින්න ලැබෙන හාස්‍යය ද 'බ්ලැක් විඩෝ' චිත්‍රපටයේ නොඅඩුව දකින්න ලැබේ. 

මිනිත්තු 134 ක් පුරා දිවෙන 'බ්ලැක් විඩෝ' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය කේට් ෂෝට්ලන්ඩ්ය. 52 හැවිරිදි කේට් ෂෝට්ලන්ඩ් හොලිවුඩ් සිනමාවට එක් වුණු ඕස්ට්‍රේලියානු සිනමාකාරියකි. ඇය සම්මානනීය අධ්‍යක්ෂවරියකි.
EUrmeRdU0AALrUC
ස්කාලට් ජොහැන්සන්, කේට් ෂෝට්ලන්ඩ්,  ෆ්ලොරන්ස් පග් සහ ඩේවිඩ් හාබර්...

නටාෂා රොමනෝෆ් හෙවත් 'බ්ලැක් විඩෝ'ගේ චරිතය ඇසුරින් පළමුවෙන්ම සිනමා නිර්මාණයකට සූදානම් වූයේ 'ලයන්ස්ගේට්' චිත්‍රපට සමාගමය. ඒ, 2004 වසරේදීය. අධ්‍යක්ෂ ඩේවිඩ් හෙයිටර් එම චිත්‍රපටයේ තිරපිටපත සකස් කිරීමටත්, චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමටත් සූදානමින් සිටියේය. කෙසේ නමුත් එය සාර්ථක වූයේ නැත. 

2006 දී, 'මාවල් ස්ටුඩියෝස්' සමාගම නටාෂා රොමනෝෆ් හෙවත් 'බ්ලැක් විඩෝ'ගේ චරිතය සඳහා පූර්ණ අයිතිය ලබා ගෙන තිබුණි. ඒ අනුව, මාවල් සිනමා ලෝකයට පළමුවෙන් නටාෂා රොමනෝෆ් හෙවත් 'බ්ලැක් විඩෝ'ගේ චරිතය හඳුන්වා දීම සිදුවූයේ 'අයන්මෑන් 2' චිත්‍රපටයෙනි. බ්ලැක් විඩෝ ලෙස චරිත නිරූපණයට එක් වූයේ ස්කාලට් ජොහැන්සන්ය. 
black-widow-scarlett-johansson-2
අයන් මෑන් 2 චිත්‍රපටයේ ස්කාලට් ජොහැන්සන් බ්ලැක් විඩෝ ලෙස ...

මෙම නවතම 'බ්ලැක් විඩෝ' චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ස්කාලට් ජොහැන්සන්ගේ නටාෂා රොමනෝෆ් චරිතය වටාය. කැප්ටන් ඇමෙරිකා, අයන් මෑන් ගැන සඳහන් වුවත් ඔවුන් කිසිවකු චිත්‍රපටයේ නැත. 'කැප්ටන් ඇමෙරිකා: සිවිල් වෝ' චිත්‍රපටයේ සිදුවීම්වලින් පසු, අත්අඩංගුවට ගැනීමෙන් බේරී නටාෂා රොමනෝෆ් ඇමෙරිකාවෙන් පලා යයි. 

නොර්වේ රාජ්‍යයටත් ඉන්පසු හංගේරියාවේ බුඩබෙස්ට් නුවරටත් යන ඇයට 'නමට පමණක්' සොහොයුරිය වන නැගණිය හමුවෙයි. ඔවුන් දෙදෙනා එක් වී, ඔවුන් දෙදෙනාත් මෙන්ම තවත් සිය ගණනත් තරුණ දැරියන් සිත්පිත් නැගි ඝාතකයන් බවට පත් කළ රුසියානු නපුරා ඩ්‍රේකෝව්ට එරෙහිව කරන සටන 'බ්ලැක් විඩෝ' චිත්‍රපටයේ කතාවය. 
black-widow-character-poster-2021-3
black-widow-character-poster-2021-4
Check-out-the-first-reactions-on-the-Black-Widow-movie
https+_hypebeast.com_wp-content_blogs.dir_6_files_2021_05_black-widow-poster-2
ඇමෙරිකාව කැප්ටන් ඇමෙරිකා 'නිර්මාණය' කරද්දී, අතීතයේ සෝවියට් රුසියාව ද සුපිරි සොල්දාදුවකු නිර්මාණය කර ඇති අතර, ඔහු රෙඩ් ගාඩියන්ය. මෙම චිත්‍රපටයෙන් රෙඩ් ගාඩියන් හඳුන්වාදීමක් සිදුවෙයි. 

නටාෂා රොමනෝෆ් සහ ඇගේ 'නමට පමණක්' සොහොයුරිය වන යෙලීනාගේ 'නමට පමණක්' පියා රෙඩ් ගාඩියන්ය. නටාෂා සහ යෙලීනාගේ 'නමට පමණක්' මව මෙලීනාගේ ද සහාය ඔවුන්ට හිමිවෙයි. 

යෙලීනා ලෙස ෆ්ලොරන්ස් පග්, රෙඩ් ගාඩියන් ලෙස ඩේවිඩ් හාබර්, මෙලීනා ලෙස රේචල් විස් චරිත නිරූපණයට එක් වී සිටිති. 

චිත්‍රපටයේ නපුරා ඩ්‍රේකෝව්ගේ චරිතයට පණ පොවන්නේ රේ විනිස්ටෝන්ය. රේ විනිස්ටෝන් චිත්‍රපට සහ රූපවාහිනී ටෙලි කතා කිපයකට රංගනයෙන් එක් වී ඇත. කෙසේ නමුත් බොහෝ දෙනා ඔහු හඳුන්නනේ 80 දශකයේ විකාශය වුණු 'රොබින් ඔෆ් ෂර්වුඩ්' කතා මාලාවේ විල් ස්කාලට් ලෙසය.

Classified_Ad