චීන සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 2 කින් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා පවසයි.
චීනයේ බෙයිජිං නුවරින් අලුයම අලුයම 12.15 ට මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් රැගෙන පිටත් වූ මෙම ගුවන් යානා දෙකෙන් පළමු වැනි ගුවන් යානය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.869 දරන ගුවන් යානය අලුයම 05.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන දෙවන විශේෂ ගුවන් යානයෙන් අනෙක් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ත් රැගෙන, චීනයේ බෙයිජිං නුවරින් අලුයම 01.45 ට පිටත් වී ඇති අතර, එම ගුවන් යානය අලුයම 06.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීයේය.