තනි කකුලෙන් බර ඔසවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 26, 2021

තනි කකුලෙන් බර ඔසවයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිලෝ ග්‍රෑම් 61 බර පන්තියේ පිරිමි බර ඉසිලීමේ තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට සමත්ල වූයේ චීන ක්‍රීඩක ලී ෆබින් ය. 

ලී ෆබින් මෙම හපන්කම කළේ තවත් හපන්කමක් ද සමගින් වීම විශේෂත්වයකි.

තම ශරීරයේ බර මෙන් තුන් ගුණයක බරක්, එනම් කිලෝග්‍රෑම් 166 ක් ඔසවා ජයග්‍රහණය තහවුරු කිරීමෙන් පසු බර උසුලාගෙනම තනි පාදයෙන් සිටීමට ලී ෆබින් කටයුතු කළේය. 

එය කාගේත් මවිතයට හේතුවක් වුණු අතර 'තනි කකුලෙන් බර එසවූ' ක්‍රීඩකයා යැයි විදෙස් මාධ්‍ය ලී ෆබින් හඳුන්වා දෙන්න විය.

තමා තනි පාදයෙන් සිටින්නේ තමන් උසුලන බරට අනුව තම සිරුර සමබර කර ගැනීමට හැකි නිසා බවත්, කිසිම කෙනකු තමන් කළ මෙම හපන්කම අත්හදා බැලීමෙන් වැළැකී සිටිය යුතු බවත් ලී ෆබින් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad