'ෆයිසර්' එන්නත් ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 5, 2021

'ෆයිසර්' එන්නත් ලැබේ

ඇමරිකාවේ ෆයිසර් සමාගම ජර්මනියේ බයෝ ඇන්ටෙක් සමාගම සමඟ එක් වී නිපදවා ඇති 'ෆයිසර්' එන්නතේ, එන්නත් මාත්‍රා පළමු තොගය අද (5) අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය. 

එම එන්නත් තොගයට මාත්‍රා 26,000ක් ඇතුළත් යැයි පැවැසෙයි. 

'ෆයිසර්' එන්නත් තොගය නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ ගබඩාවක තැන්පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

'ෆයිසර්' එන්නත් ඉතාම ඉක්මනින් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබේ.

ඩේලි මිරර් ඇසුරිනි

Classified_Ad