ඇෆ්ගනිස්තානයේ බ්‍රිතාන්‍ය මෙහෙයුම් අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 29, 2021

ඇෆ්ගනිස්තානයේ බ්‍රිතාන්‍ය මෙහෙයුම් අවසන්

බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්තානයේ සිදු කළ සියලු මෙහෙයුම් ඊයේ (28) අවසන් කළේය. අවසන් පැය 24 ක කාලයේ බ්‍රිතාන්‍ය හමුදා ඔවුන්ගේ ගුවන් යානා භාවිතයට ගනිමින් බ්‍රිතාන්‍ය වැසියන් සහ ඇෆ්ගන් සිවිල් වැසියන් දෙදහසකට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානයෙන් රැගෙන ගිය බව පැවැසෙයි. 

එසේ රැගෙන ගිය එක් ඇෆ්ගන් ජාතික ගැබිනි කාන්තාවක ගුවන් යානය තුළ දී දරු ප්‍රසූතිය කළ බවත්, බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවන්ගේ සහාය ඇයට ලැබුණු බවත් විදෙස් වාර්තා පවසා තිබේ. එම කාන්තාවත් බිලිඳාත් සුවෙන් සිටින බව ද පැවැසෙයි. 

පසුගිය 26 වැනිදා කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රයට එල්ල වුණු මරාගෙන මැරෙන අයි.එස්. ප්‍රහාරයෙන් මියගිය 170 දෙනා අතර බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් කීප දෙනකු පවා සිටින බව පැවැසෙයි. ඔවුන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ 'බැරන්' හෝටලයේ තාවකාලිකව රැදී සිටියේ සති අන්තයේ ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමේ අපේක්ෂාවෙනි.

ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ රාජකාරි කළ බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන් කීප දෙනකු සහ ව්‍යාපාරිකයන් කීප දෙනකු ද 'බැරන්' හෝටලය ඉදිරිපිට පුපුරා ගිය බෝම්බයෙන් ජීවිතක්ෂයට පත් වුණු බව බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

මේ අතර ඇමෙරිකන් හමුදා ඔවුන්ගේ මෙහෙයුම් සියල්ල අවසන් කර කාබුල්වලින් පිටවී යෑමට නියමිතව ඇත්තේ ලබන 31 වැනිදාය. දිනයේය. 31 වැනිදා වනවිට සියලු මෙහෙයුම් අවසන් කරන බවත්, එය කිසිසේත් ප්‍රමාද නොකරන බවත් ඇමෙරිකන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad