ජොන්සන් එන්නත ඉන්දියානුවන්ට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Aug 8, 2021

ජොන්සන් එන්නත ඉන්දියානුවන්ට

sample-ad-complete-big
NY245ZXN5VOUFLDB6AQ3UMBHJM
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ එක් මාත්‍රාවකින් පමණක් සමන්විත කොවිඩ්-19 එන්නතට හදිසි භාවිතය සඳහා අවසර දීමට ඉන්දියාව පියවර ගෙන ඇතැයි එරට කනිෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය මනුෂ්ක් මන්දවියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

සිය එන්නතට අවසර ඉල්ලමින් ඉන්දීය බලධාරීන් වෙත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළ බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පසුගියදා සඳහන් කළේය. 

ඉන්දියාවේ බයෝලොජිකල් ඊ ලිමිටඩ් සමාගම සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර තිබෙන අතර අදාළ ගිවිසුම යටතේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ඉන්දියාවට ගෙන ඒමට නියමිත ය.

භාරත් බයෝටෙක්, ඇස්ට්‍රාසෙනකා, රුසියාවේ ගැමලෙයා ආයතනය සහ මොඩර්නා යන සමාගම් නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ මර්දන එන්නත්වලට මේ වනවිට ඉන්දියාවේ අනුමැතිය හිමි වී තිබේ. 

මේ සතිය මුලදී ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 200 ඉක්මවා ගියේ ය. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට රටවල් රැසක සෞඛ්‍ය පද්ධතිවලට දරුණු බලපෑම් එල්ල වී තිබේ. 

 සැලකිය යුතු රටවල් සංඛ්‍යාවක එන්නත්කරණ ක්‍රියාවලිය මන්දගාමී තත්ත්වයක පැවැතීම තවත් ගැටලුවකි. ඉකුත් ජූලි මාසයේ සිට ඉන්දියාවෙන් දිනකට සාමාන්‍යයක් ලෙස 30,000ත් 40,000ත් අතර නව කොරෝනා වයිරස ආසාදිතයෝ පිරිසක් වාර්තා වෙති. 

ඉන්දියාව තුළ ඇති වූ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලේ උච්ඡතම කාලවලදී ඉන්දියාවෙන් ඇතැම් දිනවලදී 400,000 ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයෝ වාර්තා වූහ. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 400,000 සීමාව සිට සැලකිය යුතු පහළ ගිය ද අවදානම තවමත් පහව ගොස් නැතැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad