ඇමෙරිකාවේ වැඩිදෙනකුට එන්නත් ලැබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 8, 2021

ඇමෙරිකාවේ වැඩිදෙනකුට එන්නත් ලැබිලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට ‘කොවිඩ්-19’ මර්දනය ලබා දී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

ඇමෙරිකාවේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයට අනුව සෑම ඇමෙරිකානුවන් දෙදෙනකුගෙන් එක් අයකුම පූර්ණ වශයෙන් එන්නත් කර ඇත. සිය ජාතික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර මාස අටකට පසු මෙම සන්ධිස්ථානය පසු කර යෑමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත් විය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් සියයට 50ක් එනම්, 165,918,256ක් මේ වනවිට සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර ඇතැයි එරට රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය සඳහන් කළේය. 

 ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 70.6ක් එනම් 182,368,493කට මේ වනවිට අවම වශයෙන් එක මාත්‍රාවක් හෝ ලබා දී ඇතැයි ද එම මධ්‍යස්ථානය පැවැසීය.

ඉකුත් සිකුරාදා වනවිට ඇමෙරිකාව කොවිඩ්-19 එන්නත් මාත්‍රා 349,787,479ක් ලබා දී ඇති බෙදා හැර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 405,102,715ක් වේ. ඇමෙරිකාව ෆයිසර්/බයෝඇන්ටෙක් සහ මොඩර්නා යන සමාගම්වල මාත්‍රා දෙකකින් යුත් කොවිඩ්-19 එන්නත්වලටත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ එක් මාත්‍රවකින් සමන්විත කොවිඩ්-19 එන්නතටත් අවසර ලබා දී ඇත. 

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom