පණ බේරාගන්න පොරකන ඇෆ්ගන් වැසියෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 16, 2021

පණ බේරාගන්න පොරකන ඇෆ්ගන් වැසියෝ

තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් ගුවන් තොටුපොළට එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් නිර්මාණය විය. 

ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ සිටි පිරිස්, එකිනෙකා පෙරළා ගනිමින්, තල්ලු කරමින් බස් රථ සහ ලොරි රථවලට ගොඩවී එල්ලෙන්නාක් මෙන් ගුවන් යානාවලට ගොඩවීමට උත්සාහ ගන්නා අයුරු දුක්වෙන ඉතාමත් ඛේදනීය වීඩියෝ දසුන් සහ ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබේ.
යානාවල එල්ලී ගමන් කරන්න උත්සාහ ගත් ඇෆ්ගන් වැසියෝ පහළට වැටෙමින්...

ඇතැමුන් ගුවන් යානාවල තටුවල සහ රෝදවල එල්ලී යෑමට උත්සහ ගත් අතර ඔවුන් ගුවන් යානාවලින් පහළට ඇද වැටෙන වීඩියෝ දසුන් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියේ පළ වී තිබේ. 

මීට අමතරව ගුවන් යානාවලට පොරකමින් ගොඩවීමට උත්සාහ ගනිද්දී, තෙරපීමට ලක්වී කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad