අර්බුදයට කටාරය මැදිහත් වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 16, 2021

අර්බුදයට කටාරය මැදිහත් වෙලා

ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ විදෙස් සංවිධාන නියෝජිතයන්ට ආරක්ෂිතව ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට තමන් මැදිහත් වී කටයුතු කළේ යැයි කටාරය පවසයි. 

තලේබාන් ග්‍රහණයට පත් වුණු ඇෆ්ගනිස්තානයේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට කටාරය මැදිහත් වී කටයුතු කරන බව කටාර් විදේශ අමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පවසා තිබේ. 

තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කරගත් අවස්ථාවේ, ඇෆ්ගන් රාජ්‍ය නිලධාරීන්, ඔවුන්ට බලය පවරා දීමක් කළේය. 

සාමකාමී ලෙස එසේ බලය පවරා දීම සිදුවූයේ ද කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් යැයි විදේශ අමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පවසා තිබේ. ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ කටාර් රාජ්‍යය අතර යහපත් සබඳතා පවතී. තලේබාන්වරුන් දෝහා නුවර සාම කාර්යාලයක් පිහිටුවා ඇත්තේ ද ඒ නිසාය.

අසාර්ථක වුවත්, ඇමෙරිකාව, තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම වැඩපිළිවෙළක් සහ දීර්ඝ කාලීයන සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැණුනේ ද මෙම සාම කාර්යාලය හරහාය.

෴ උපුටා ගැනීම - අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom