කොරෝනා අඩපණ කරන්න ලාමා ප්‍රතිශක්තිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 25, 2021

කොරෝනා අඩපණ කරන්න ලාමා ප්‍රතිශක්තිය

'කොවිඩ් 19' වයිරසය සහ එහි ප්‍රභේද අඩපණ කිරීමට ලාමා සතුන්ගේ සිරුරු තුළ ස්වභාවිකව ප්‍රතිශක්තිය ගොඩනැගෙන බවත් එම ප්‍රතිදේහ යොදා ගනිමින්, 'කොවිඩ් 19' මර්දන එන්නතක් නිපදවීමටත් ඒ පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමටත් බෙල්ජිම් විද්‍යාඥයන් පර්යේෂණ ආරම්භ කර තිබේ. 

ලාමා යනු ඔටුවන් වැනි සතුන් අයත් වන සත්ව පවුලට අයත් ක්ෂීරපායී සත්වයෙකි. 

මොවුන් ලතින් ඇමෙරිකානු රටවලට ආවේණික වන අතර, කිරි සහ ලොම් ලබා ගැනීමට, මස් පිණිස ගොවිපොල සතකු ලෙස ද ලාමා සැලකෙයි. 'කොවිඩ් 19' යනු ක්ෂීරපායීන් අතර පැතිරෙන සහ ක්ෂීරපායීන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වන 'කොරෝනා' නමැති වයිරස පවුලේ අලුත්ම සාමාජිකයාය. 

'කොවිඩ් 19' විෂබීජ ලාමා සතුන්ගේ සිරුරුවලට ඇතුළත් කර, උන්ගේ සිරුරු ඊට ප්‍රතිචාර දක්වන ආකාරය බෙල්ජියම් විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරනු ලැබීම ආරම්භ කර ඇත්තේ මීට මාස කීපයක පටන්ය. ලාමා සතුන්ගේ ප්‍රතිශක්තිය ගැන අධ්‍යයනයන් සිදු කරන්නේ බෙල්ජියමේ ගෙන්ට් ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයයි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad