සඳනිගේ නමින් තිබූ Fake ෆෙස්බුක් පිටුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 24, 2021

සඳනිගේ නමින් තිබූ Fake ෆෙස්බුක් පිටුවක්

සඳනි ප්‍රනාන්දු කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්. සඳනි ප්‍රනාන්දු මුලින්ම කතාබහට ලක්වෙන්නේ ඉරාජ් නිර්මාණය කළ සාවී ගීතය හරහායි. 

සඳනිගේ රූපය නිසාම ඇය කෙටි කාලයකින් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය තරුවක් බවට පත් වෙනවා. ඒ වගේම ඇය නිරූපණයෙන් දායක වන නිර්මාණ නිසාද ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. සමාජ මාධ්‍යයේ කවුරුන් හෝ ජනප්‍රිය වෙනවා නම් ඒ පුද්ගලයාගේ නම භාවිතා කරමින් fake ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු නිර්මාණය වීම සුලභ දෙයක්. එය කලා ක්ෂේත්‍රයේ අයට නම් වැඩියෙන්ම සිදු වන දෙයක්. 

මේ නිසා ශිල්පීන් විශාල වශයෙන් අපහසුතාවයට පත්වෙනවා වගේම ඔවුන්ගේ රසිකයින්ද රැවටීමට ලක්වෙනවා. කොහොමහරි සඳනිගේ නමින් කාලයක් පුරාවට පවත්වාගෙන ගිය එවැනි fake ෆේස්බුක් පිටුවක් ෆෙස්බුක් සමාජ මාධ්‍ය තුළින්ම මේ වනවිට ඉවත් කර තිබෙනවා. මෙම fake පිටුව නිසා සඳනි බොහෝ අපහසුතාවයන්ට මුහුණ දුන්නා. ඒ පිළිබඳව ඇය සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින්. 

මගේ නම අවභාවිතා කරමින් දිගු කාලයක් පුරාවට කරගෙන ගිය fake Facebook page එක Facebook එක විසින්ම ඉවත් කර තහනම් කර ඇත. මේ වැඩේට උදවු කරපු Sandun Gunathilake, ඔයාටත් ගොඩක් ස්තූති. ඒවගේම ඒ සදහා වෙලාවක් අරන් page එක report කරලා අපිට සහය උන සියලුම දෙනාට ස්තූතියි. 
Social media තුළින් තව කෙනෙකුට හානි කරන එක අපි නතර කරමු! #saynotocyberbullying The imposter account under my name "Sandani Fernando" has been withdrawn and prohibited by FACEBOOK itself. I hereby thank you all for the love and trust you have imparted me right throughout. Thank you for being there for me!

෴ උපුටා ගැනීම - සාරවිට

Classified_Ad

Classified_Ad_News_Bottom