මිලියන 7 කට එන්නත් ලැබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Aug 30, 2021

මිලියන 7 කට එන්නත් ලැබිලා

මෙරට සමස්ත ජනගහනෙයන් මිලියන 7කට අධික සංඛ්‍යාවක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. 

ඒ අනුව, මේවනවිට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති සංඛ්‍යාව 7042418ක් වන බවත්, එය සමස්ත ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි 61% ක් ලෙසින් වන බවත් එම ඒකකය සඳහන් කරයි. 

මේ වන විට එන්නත්කරණයට ලක්වූ වයස අවුරුදු 20ත් 30ත් අතර ප්‍රමාණයක් ද සිටින අතර ඔවුන් ඇඟලුම් කර්මාන්තයේ සහ අත්‍යාවශ්‍ය සේවාවාන්හි නිරතවන අයවලුන් බව ද වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

සංවර්ධන කටයුතු සදහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන් 2,865 දෙනකු සදහා කොවිඩ් පළමු මාත්‍රාව ද 2,435 දෙනකු සදහා දෙවන මාත්‍රාව ද ලබා දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad