කොළඹින් සුපිරි ඩෙල්ටා ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 30, 2021

කොළඹින් සුපිරි ඩෙල්ටා !

අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ 'සුපිරි ඩෙල්ටා් ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. 

මේ අතර කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය. 

පිට පළාත්වලද යම් ආකාරයකට ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය පැතිරීමට පටන් ගෙන ඇතැයි පැවසූ ජීවන්දර මහතා එන්නත්කරණ ක්‍රියාවලිය සැප්තැම්බර් මස අවසානය වනවිට රටට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. 

එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

Classified_Ad