ශ්‍රී ලංකා - නවසීලන්ත මිතුදම් සවිමත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 8, 2021

ශ්‍රී ලංකා - නවසීලන්ත මිතුදම් සවිමත්

කොළඹ දී නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කීරිමක් යැයි නවසීලන්ත විදේශ අමාත්‍ය නනායියා මහුටා මහත්මිය පවසයි. 

එළැඹෙන 10 වැනිදා කොළඹදී ස්ථාපිත කිරීමට නියමිත නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඉකුත් 3 වැනිදා දුරකථන සංවාදයකට එක්වෙමින් නවසීලන්ත විදේශ අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. 

නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් මෙරටදී විවෘත කිරීම, ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික, ක්‍රීඩාමය සහ පුද්ගලාන්තර සබඳතා වැනි පුළුල් ක්ෂේත්‍රයන්හි නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් වන බවද ඇය මෙහිදී කියා සිටියාය. 

මෙම නව නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම කාලීන පියවරක් බවත්, එමඟින් ද්විපාර්ශ්වික වෙළඳාම වැඩිදියුණු කිරීම හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී සහාය වනු ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණළුර්ධන මහතා මෙම දුරකථන සංවාදය්දී කීවේය. 

එසේම ඉදිරියේදී නවසීලන්ත ආයෝජකයින් හා සංචාරකයින් මෙරටට පිළිගන්නා බව ද අමාත්‍යවරයා නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වෙත දන්වා සිටියේය. 

කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය අනිද්දා (10) විවෘත කිරීමට නියමිත අතර තත්ත්වයන් යහපත් වූ පසු, යථා කාලයේ දී නිල විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතය. 

෴ තිළිණි ද සිල්වා
උපුටා ගැනීම - ලංකාදීප මැදපෙරදිග

Classified_Ad

Classified_Ad_News_Bottom