ශාක නිරෝධායන සේවාව නවීකරණය කෙරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 5, 2021

ශාක නිරෝධායන සේවාව නවීකරණය කෙරේ

ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාව නවීකරණය කිරීම සඳහා දකුණු කොරියාවේ සහාය හිමි වී තිබේ.

දකුණු කොරියාවේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා කොරියානු කාර්යාංශයේ (කොයිකා) ඔස්සේ මීට මූල්‍ය සහාය හිමි වන අතර මෙරට ජාතික ශාක නිරෝධායන සේවාව වෙත උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ද ඉකුත් දා සිදු කෙරුණි. 

ශ්‍රී ලංකාවේ ‘ජාතික ශාක නිරෝධායන සේවාව නවීකරණය කිරීම’ යනුවෙන් මෙම ව්‍යාපෘතිය නම් කර තිබෙන අතර මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන හයක් ලෙස ගණනය කර තිබේ. 

ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ධාරිතාව ඉහළ නැංවීම තුළින් කෘෂිකාර්මික නිෂ්පාදනවල අපනයන තරගකාරීත්වය වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින්, කොයිකා හි මෙරට අධ්‍යක්ෂ කන් යුන්ග් හ්වා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත කේ. ජයසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් සහ ජාතික ශාක නිරෝධායන සේවාවේ ප්‍රධානී ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad