20-30 අතර තරුණ තරුණියන්ට එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 6, 2021

20-30 අතර තරුණ තරුණියන්ට එන්නත්

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා 'කොවිඩ්19' එන්නත්කරණය අද (6) උදෑසන ආරම්භ විය.

කොළඹ, විහාර මහදේවි උද්‍යානයේදී, දියත උයනේදී සහ සුගත ක්‍රීඩාංගනයේ දී ද එම දිස්ත්‍රික්කවල තොරාගත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සහ රෝහල්වලදී මෙම එන්නත් කරණ කටයුතු ඉතා සාර්තකව සිදුකෙරුණි.

යුද හමුදාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යල නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩලය එක්ව එන්නත්කරණ කටයුතු සිදු කරයි. 
ඇතැම් ස්ථානවල දිගු පොලිස් දක්නට ඇති අතර කොළඹ ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල කිසිදු සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරමින් පොලිම්වල දක්නට ලැබිණි. 

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරමහාදේවී උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර, වේරැහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයෙහි මෙම කටයුතු සිදු කෙරේ.

ගම්පහ ප්‍රදේශයේ අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා එන්නත් ලබා දීම සිදුවූයේ පහළගම විද්‍යාරවින්ද පිරිවෙණ පරිශ්‍රයේදීය.

෴ ඡායාරූප - ශාන්ත රත්නායක - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom