දියණිය ගෙදර ඇවිල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 19, 2021

දියණිය ගෙදර ඇවිල්ලා

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති, ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරඟාවලිය දිනූ බ්‍රිතාන්‍ය ටෙනිස් ශූරිය 18 හැවිරිදි එමා රෙඩුකානු එංගලන්තයේ බ්‍රොම්පි නුවර ඇගේ නිවස බලා ආපසු පැමිණියාය. ඇය පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් මඟ බලන් සිටියේ ඇගේ මාපියන්ය. 

'කොවිඩ් 19' තහංචි හේතුවෙන් ඔවුන්ට දියණියගේදස්කම් නැරඹීමට නිව්යෝක් නුවරට යෑමට අවස්ථාවක් ලැබී තිබුණේ නැත. දියණිය නිවසට පැමිණෙද්දී, ඉදිරියට ගොස් ඇය තුරුලුකර ගනිමින් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප කීපයකට පෙනී සිටීමට ද ඉයන් අමතක නොකළේය. 

දියණියගේ දස්කම් ගැන තමන්ට ආඩම්බර යැයි ඉයන් පැවැසීය. එමාගේ මව රෙනේ ප්‍රසිද්ධියට අකමැති බැවින් මාධ්‍යවේදීන් හමුවට පැමිණියේ නැත. 2002 නොවැම්බර් 13 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී උපත ලද එමා රැගෙන ඇගේ මාපියන් බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණෙද්දී එමාගේ වයස අවුරුදු දෙකකි.

එමාගේ පියා ඉයන් රොමේනියානු ජාතිකයෙකු වන අතර මව රෙනේ චීන ජාතික කාන්තාවකි. පියා උපත ලබා ඇත්තේ රොමේනියාවේ බුචාරෙස්ට් අගනුවරය. මව රෙනේ උපත ලබා ඇත්තේ චීනයේ ලියෝනින් පළාතේ ෂෙංයැං නගරයේය. 

එමා නිව්යෝක් නුවර පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගැනීමත් සමඟ, බ්‍රිතාන්‍යයට, ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාවක් හිමිවූයේ වසර 44 කට පසුව වීම සුවිශේෂත්වයකි. ඒ අනුව ඇයට හිමිවුණු ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් ලක්‍ෂ 25 කි. 

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom