පිටසක්වළයන්ට එරෙහිව Hope - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 17, 2026

පිටසක්වළයන්ට එරෙහිව Hope

මෙම 2026 වසරේ කැන්ස් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරුණු, කාගේත් අවධානයට ලක් වුණු, කැපී පෙනෙන විදෙස් සිනමා නිර්මාණයක් වූයේ 'හෝප්' (Hope) චිත්‍රපටයයි. මේ වනවිට 'හෝප්' (Hope) චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් වී ඇති අතර, බොහෝ දෙනා චිත්‍රපටය රසවිද අවසන්ය.

'හෝප්' (Hope) ජාත්‍යන්තර සිනමා විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද කතාබහට හේතුවක් විය. දකුණු කොරියානු සිනමාව පමණක් නොව, ටෙලි කතා මාලා පවා, දිනෙන් දින දියුණු වෙමින් පවතී. කොරියන් විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම චිත්‍රපට හොලිවුඩ් චිත්‍රපටවලට දෙවැනි නොවෙයි. 

'හෝප්' (Hope) ඊට හොද උදාහරණයයි. 'හෝප්' (Hope) දකුණු කොරියානු ක්‍රියාදාම - විද්‍යා ප්‍රබන්ධ යකි. 'මොන්ස්ටර්-තිලර්' චිත්‍රපටයකි. මෙය ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂ නා හොං-ජින් (Na Hong-jin) ගේ නිර්මාණයකි. නා හොං-ජින් අධ්‍යක්ෂණය කළ 2016 වසරේ තිරගත වුණු The Wailing චිත්‍රපටය, අපට අමතක කළ නොහැකිය. එය සිනමා විචාරකයන්ගේත් ප්‍රේක්ෂකයන්ගේත් පැසසුමට ලක් විය. 
නා හොං-ජින්, 'හෝප්' (Hope) නිර්මාණය කළේ වසර 10 කට පසුවය. නා හොං-ජින්ගේ මීට පෙර ජනප්‍රිය වුණු චිත්‍රපට වන්නේ, The Chaser (2008) සහ The Yellow Sea (2010) ය. මෙම චිත්‍රපට ද ප්‍රසිද්ධියට පත්විය. කොරියානු සිනමා ඉතිහාසයේ ඉහළම පිරිවැයක් දරා නිර්මාණය වුණු 'හෝප්' (Hope) චිත්‍රපටයේ, කතාව ගොඩනැගෙන්නේ, දකුණු කොරියාවේ හුදෙකලා ග්‍රාමීය වෙරළබඩ නගරයක් වන හොපෝ පෝට් (Hope Harbor) ආශ්‍රිතව සිදුවන සිදුවීම් මාලාවකිනි. 

බිහිසුණු පිටසක්වළ ජීවීන්ගේ නගරවැසියන්, ගොවිපොල සතුන් මරා දමයි. නගරයට අනුයුක්ත පොලිස් ස්ථානාධිපතිවරයා, ඔහුගේ සහායට සිටින පොලිස් නිලධාරිනිය සහ නගරයේ සිටින දඩයක්කරුවන් පිරිසක්, මෙම බිහිසුණු පිටසක්වළයන්ට එරෙහිව කරන සටන චිත්‍රපටය පුරා දිවයයි. 
පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස හ්වැං ජුං-මින් (Hwang Jung-min) චරිත නිරූපණය කරයි. ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු කොරියන් ටෙලි කතා මාලාවක් වන Squid Game හරහා ජනප්‍රිය වුණු ජුං හෝ-යොන් (Jung Ho-yeon) හ්වැං ජුං-මින් ට සහාය දෙන තරුණ පොලිස් නිලධාරිනියයි. 

හොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් වන මයිකල් ෆාස්බෙන්ඩර් (Michael Fassbender), අලිසියා විකන්ඩර් (Alicia Vikander) සහ ටේලර් රසල් (Taylor Russell) චිත්‍රපටයට සම්බන්ධ වී සිටී. ඒ පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කළ පිටසක්වළ ජීවීන් ලෙසිනි. ජාත්‍යන්තර සිනමා විචාරකයන්ගෙන් 'හෝප්' (Hope) චිත්‍රපටයට විවිධාකාර ප්‍රතිචාර ලැබී තිබේ. 'හෝප්' (Hope) එක හුස්මට නැරඹිය හැකි ක්‍රියාදාම පිරි, ත්‍රාසජනක නිර්මාණයකි.
(වමේ සිට) ටේලර් රසල්, හොයොන්, ෂෝ ඉන්-සුං, අධ්‍යක්ෂ නා හොං-ජින්, හ්වාං ජුං-මින්, අලිසියා විකන්ඩර් සහ මයිකල් ෆාස්බෙන්ඩර්  යන අය දකුණු ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උළෙලට සහභාගී වෙමින් ...

අධ්‍යක්ෂවරයාට ආවේණික වූ අඳුරු හාස්‍ය (Grotesque Humor) චිත්‍රපටයේ දකින්න ලැබේ. මිනිත්තු 160 ක ධාවන කාලයක් ඇති 'හෝප්' (Hope) චිත්‍රපටයේ, පිටසතක්වළයන් සම්බන්ධ ඇතැම් CGI දසුන් දුර්වල ස්වභාවයක් දකින්න ලැබේ. 

එසේ වුවත්, 'හෝප්' (Hope) යනු කොරියානු සිනමාව වෙනස්ම මගකට යොමු කළ නිර්මාණයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. චිත්‍රපටය අවසන් වෙන්නේ එහි දෙවැනි කොටසකට මග විවර කරමිණි. 

ලුසිත ජයමාන්න

Classified_Ad