නිවෙස්වල සිටියා හොඳටම ඇති!! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 21, 2021

නිවෙස්වල සිටියා හොඳටම ඇති!!

'නිවෙස්වල සිටියා හොඳටම ඇති' යැයි පවසමින්, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට පැනැවූ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබේ. 'කොවිඩ් 19' ව්‍යාප්තියත් සමඟ 2020 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා අවස්ථා කීපයකදී මෙල්බන් නුවර ලොක්ඩවුන් කෙරුණි‍. 

අවසන් වරට නගරය වසා දමා දැන් දින 262 ක් ගතවී ඇත. ඒ අනුව ලොව වැඩිම දින ගණනක් වසා තැබුණු නගරය ලෙස මෙල්බන් සැලකෙයි. මීට පෙර වැඩිම දින ගණනක් ලොක්ඩවුන් සීමාවලට යටත්ව සිට ඇත්තේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර වැසියන්ය. 

ඔවුන් ලොක්ඩවුන් සීමාවලට යටත්ව සිට ඇති දින ගණන, දින 234 කි. මෙල්බන් යනු ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනගරය වන අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වෙමින් තිබෙන බව ද වාර්තා වේ. 

කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩසටහන දෙගුණයකින් වේගවත් කර තිබෙන අතර මේ සතිය අවසන් වනවිට ප්‍රාන්තයේ ජනගහනයෙන් සියයට 70 ක් එන්නත් කර අවසන් කිරීමට නියමිතව ඇත. මෙය සලකා බලමින් දැනට පනවා තිබෙන ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom