කලක් බොලිවුඩ් සරාගිනියක ලෙස රසික හදවත් දිනූ මලයිකා ෂෙරාවත් අද (24) 45 වැනි උපන් දිනය සමරයි. උපන් දිනය සමරමින් ඇය ඇගේ හැඩැති සිරුරේ ඡායාරූප පෙළක් ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
'බලන්න මා කොතරම් නිරෝගීව සහ සුන්දරව හැඩැති සිරුරක් පවත්වාගෙන යනවාද? මට පුළුවන් නම් ඔයාලා හැමෝටම පුළුවන්. ලස්සනට ඉන්න වයස ප්‍රශ්නයක් නැහැ' යැයි මලයිකා පවසා ඇත.
ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රසිද්ධියට පත් කළ එම ඡායාරූපයේ මලයිකා සිටින්නේ කහ පැහැති බිකීනියකින් සැරැසීය.
මලයිකාගේ රසික රසිකාවියන් පමණක් නොව බොලිවුඩ් නළි නිළියන් ද බොහෝ දෙනකු ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයට සුබ පතමින් පණිවුඩ එවා ඇත. මලයිකා ඇගේ බොලිවුඩ් ගමන ඇරැඹුවේ 'ජීනා සිර්ෆ් මේරි ලියේ' චිත්‍රපටයෙනි. මෙය තිරගත වූයේ 2002 වසරේදීය.
කෙසේ නමුත් මලයිකා සරාගිනියක ලෙස අතිශය ජනප්‍රිය වූයේ ඉන් වසර දෙකකට පසු තිරගත වුණු 'මර්ඩර්' චිත්‍රපටයෙනි. මලයිකා ජාත්‍යන්තරයට ද ගිය නිළියකි. ඇය ජැකි චෑන් සමඟ 'ද මිත්' චිත්‍රපටයට රංගනයෙන් එක් වූවාය. ඒ, 2005 වසරේදීය. ඉන්පසු 2011 වසරේ දී 'පොලිටික්ස් ඔෆ් ලව්' චිත්‍රපටයේ රඟපෑවාය. 'බූ සබ්කී පටේගී' නමැති හින්දි වෙබ් කතා මාලාවට ද මලයිකා රංගනයෙන් දායක වී ඇත.
෴ උපුටා ගැනීම - Times of India