කැමැත්තෙන්ම කොරෝනා හදාගන්න පුළුවන් තැන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 30, 2021

කැමැත්තෙන්ම කොරෝනා හදාගන්න පුළුවන් තැන

කැමැත්තෙන්ම 'කොවිඩ් 19' බෝ කරගෙන, ඒ වෙනුවෙන් පවුම් 4,000 ක (රුපියල් ලක්ෂ 11 ක් පමණ) මුදලක් ද ලබා ගත හැකි 'රෝහල් හෝටලයක්' එංගලන්තයේ ලන්ඩන් නුවර ඊස්ට් එන්ඩ් පළාතේ පිහිටා ඇති බව ඔබ දන්නවාද? මේ, 'රෝහල් හෝටලය' ඇත්තේ ලන්ඩනයේ ඊස්ට් එන්ඩ් පළාතේය. 'වයිට්චැපල් හෝටලය' නමින් හැඳින්වෙන මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. 

කෙසේ නමුත් අද වනවිට මෙය ඒ දීර්ඝ ඉතිහාසය නොපෙනෙන ආකාරයට නවීකරණයට ලක්වී ඇත්තේ හෝටලයක් සහ රෝහලක් ලෙසය. සුව පහසු කාමර 19 කින් සමන්විත මෙම වයිට්චැපල් රෝහල් හෝටලය අයත් වන්නේ බ්‍රිතාන්‍යයේ 'ඕපන් ඔර්ෆන්' නමැති ඖෂධ සමාගමටය. 

මොවුන් ලොව ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් සමඟ ජාලගත වී සිටී. 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී, මුදලක් උපයා ගැනීමට කැමැති නම් යා යුතු තැන වන්නේ මෙම රෝහල් හෝටලයයි. පවුම් 3,000 සිට 4,000 දක්වා මුදලක් සති දෙකක් රෝහල් හෝටලයේ නැවැතී සිටිද්දී ඔබට හිමිවෙයි. සුව පහසු කාමරයක, රූපවාහිනී පහසුකම්, අන්තර් ජාල පහසුකම් (වයිෆයි), පරිගණක පහසුකම් ආදී සියල්ල ඔබට සති දෙක පුරාවට හිමිවෙයි.

කෑමට ප්‍රිය නම්, ඉල්ලන ඕනෑම කෑමක් ලබා ගැනීමට ද හැකිවෙයි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, රෝහල් හෝටලයට ඇතුළු වී, කොන්දේසි පත්‍රිකාවකට අත්සන් කිරීමෙන් පසු, ඔබ සුවපහසු කාමරයකට යොමු කෙරෙන අතර, ඉන්පසු 'කොවිඩ් 19' කොරෝනා වයිරස විෂබීජ සිරුරට ඇතුළු කරයි. ආසාදිතයකු වූ විට, පැය 24 පුරා වෛද්‍ය අධීක්ෂණය යටතේ විවිධාකාරයේ ඖෂධ වර්ග, ප්‍රතිකාර ක්‍රම ආදිය අත්හදා බැලීම සිදු කිරීම ඇරැඹෙයි.

'වයිට්චැපල් රෝහල් හෝලටය' එක්තරා ආකාරයක පර්යේෂණාගාරයකි. පවුම් 3,000 සිට 4,000 දක්වා මුදලක් ඔබට ලැබෙන්නේ එම පරීක්ෂණවලට ඔබේ සිරුර යොදා ගැනීම රෝහලේ වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදුකරනු ලබන බැවිනි. 'ඕපන් ඔර්ෆන්' සමාගම 'වයිට්චැපල් හෝටලය' රෝහල් හෝටලයක් කරමින් පර්යේෂණාගාරයක් බවට පත් කර අද වනවිට වසර දෙකකි. 'කොවිඩ් 19' ව්‍යාප්තියත් සමඟ මෙම රෝහල් හෝටලයට වටිනාකමක් හිමිවිය. ඒ, ලොව පුරා ඖෂධ නිෂ්පාදන සමාගම්වලිනි. 

අද එම සමාගම් අවසන් අදියරේ පවතින ඖෂධ සහ ප්‍රතිකර්ම අත්හදා බැලීම කරන්නේ මෙම රෝහල් හෝටලය හරහාය. 'කොවිඩ් 19 සම්බන්ධයෙන් නොවෙයි, අප මේ 'රෝහල් හෝටලය' පර්යේෂණාගාරයක් බවට පත් කළේ මිනිසාට තර්ජනයක් වන සියලු වයිරස සහ බැක්ටීරියා සම්බන්ධයෙන් ප්‍රතිකාර සෙවීමටයි. 

කොවිඩ් 19 වසංගතය ලොව ආක්‍රමණය කළේ ඒ අවස්ථාවේ. ඒ නිසා අපේ රෝහල් හෝටලය කොරෝනා වෙනුවෙන් වෙනස් කෙරුණා. ඉදිරියේ දී සෙසු වයිරස සහ හානිකර බැක්ටීරියා ආසාදන සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කෙරේවි' යැයි 'ඕපන් ඔර්ෆන්' සමාගමේ ප්‍රධානී කැතෙල් ෆ්‍රියෙල් පවසා තිබේ.

෴ උපුටා ගැනීම - The SUN

Classified_Ad

Classified_Ad_News_Bottom