නගර 3 ක් මුළුමනින්ම ලොක්ඩවුන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 30, 2021

නගර 3 ක් මුළුමනින්ම ලොක්ඩවුන්

'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ චීන නගර 3 ක් ලොක්ඩවුන් කර ඇතැයි වාර්තා වේ. මෙම නගර තුනේ ම සිටින ජනගහනය මිලියන 6 කි. ලොක්ඩවුන් කර ඇත්තේ ලැන්ෂූ, ඉජින් සහ හෙයිහේ යන නගර යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ පළමුවෙන්ම ලොක්ඩවුන් කෙරුණේ මිලියන 4 ක් වෙසෙන ලැන්ෂූ නගරයයි. දෙවැනියට ලොක්ඩවුන් කෙරුණේ ඉජින් නගරය වන අතර, මෙය පිහිටා ඇත්තේ මොංගෝලියාවට අයත් කලාපයකය. තෙවැනි නගරය ලෙස හෙයිලොන්ජියැං පළාතේ හෙයිහේ නගරය ලොක්ඩවුන් කෙරුණේ පසුගිය 28 වැනිදා ය. 

හෙයිහේ නගරයේ ජනගහනය මිලියන 1.5 කි. නගර වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි ප්‍රාන්ත නගර බලධාරීන් සහ සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති අතර, ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සොයා එම නගර වැසියන් පවුල් පිටින් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කෙරේ. හමුදාවේ සහාය ද ඒ සඳහා සෞඛ්‍ය අංශවලට ලැබේ.

මිලියන 6 ක පිරිසක් පීඩාවට පත් කරමින් මෙම නගර තුන වසා දමා ඇත්තේ මෙම නගර තුනෙන් අලුතින් 'කොවිඩ් 19' ආසාදිතයන් 23 දෙනකු හමුවී ඇති බැවිනි. 'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් චීන දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරයි. 

ආසාදිතයකු හමුවුණු සැණින්, එම තැනැත්තාගේ ආශ්‍රිතයන් සොයා යමින් ඔවුන් නිරෝධායනය කරයි. එසේ ආශ්‍රිතයන් සොයා ගැනීම ගැටලුවක් වන්නේ නම්, නගර පිටින්ම ලොක්ඩවුන් කෙරේ. 

මෙවර ශීත ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතය ඇත්තේ චීනයේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඊට පෙර බෙයිජීං අගනුවර කොරෝනාවලින් තොර නගරයක් බවට පත් කිරීමට බෙයිජීං සෞඛ්‍ය බලධාරීන් ලහිලහියේ සූදානම් වන බව ද වාර්තා වේ.

෴ උපුටා ගැනීම - AFP

Classified_Ad

Classified_Ad_News_Bottom