Sri Lankan Lions 8 වැනි සංවත්සරය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 18, 2021

Sri Lankan Lions 8 වැනි සංවත්සරය

සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ කීර්තිමත් ශ්‍රී ලාංකික ක්‍රීඩා සමාජයක් වන ( SLCC, DAMMAM ) Sri Lankan Lions ක්‍රිකට් සමාජයේ අට වෙනි සංවත්සරය වෙනුවෙන් පැවති සංවත්සරික උත්සවය පසුගියදා අල් කොබාර් අසිසියා උත්සව ශාලාවේදී නිමාවට පත්විය. 

සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ වාර්ෂිකව පවත්වන ක්‍රිකට් තරගාවලි රාශියකින්ම ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන ජයග්‍රාහි ක්‍රීඩා සමාජයක් ලෙස කීර්තියක් දිනා ඇති දමාම් ( SLCC) ශ්‍රී ලංකා ලයන් ක්‍රීඩා සමාජයේ සියලුම ක්‍රීඩකයින් මෙන්ම විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මේ සදහා විශේෂ අනුග්‍රාහකත්වය තවුවිල් අල් රාජී බැංකුව (Tahweel al rajhi ) විසින් සපයා තිබිණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජයේ මෙම සංවත්සරික උත්සවය වෙනුවෙන් විශේෂ සම්භාව්‍ය ආරාධිත අමුත්තන් ලෙස තව්හිල් අල් රාජී බැංකු සමුහයේ දිස්ත්‍රික් කළමනාකරු ABDULLAH SALEH AL GHAMDI මහතා ද අල් කොබාර් දකුණ ප්‍රධාන කාර්යාලයේ කළමනාකරු RAAD ABDULLAH AL GHAMDI මහතා ද ශ්‍රී ලංකා ලයන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් කණ්ඩායම් නායක නවරත්නම් (නවා) මහතා ද සහභාගි විය. 

෴ ප්‍රවීණ මාධ්‍යවේදී - ලලිත් ප්‍රේමලාල්

Classified_Ad

Classified_Ad_News_Bottom