හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානයක් - ඕස්ට්‍රේලියාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 24, 2021

හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානයක් - ඕස්ට්‍රේලියාව

ඇමෙරිකාව අනුගමනය කරමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඕස්ට්‍රේලියා රජය පියවර ගෙන තිබේ.

'ඉරානයේ ෂියා මුස්ලිම් කණ්ඩායම්වල සහාය ලබන හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් බවත්, හිස්බුල්ලා සංවිධානයේ සහාය සෙසු ත්‍රස්ත සංවිධානවලට හිමිවන බවත් හිස්බුල්ලා සංවිධානය ඕස්ට්‍රේලියාවට බරපතල තර්ජනයක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත.

හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. ලෙබනනයේ දේශපාලනයට ද හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ වී සිටී. 

 ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් බොහොමයක් හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර හිස්බුල්ලා නායකයන්ට සම්බාධක පනවා තිබේ. හිස්බුල්ලා සංවිධානයට මුදල් ආධාර ලැබෙන ක්‍රම ද අවහිර කර ඇත. 

වර්තමානයේ ලිබියාවේ නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදයට හේතුව හිස්බුල්ලා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඕස්ට්‍රේලියාවේ ලෙබනන් වැසියන් බොහෝ දෙනකු ජීවත් වන අතර ඔවුන් හිස්බුල්ලා සංවිධානයට අරමුදල් ලබා දෙයි. 

හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමත් සමඟ එම කටයුතු මින් ඉදිරියට නොහැකි වනු ඇත. ඊට අමතරව හිස්බුල්ලා සංවිධානයේ දේශපාලඥයන්ට ඕස්ට්‍රේලියාවට පැමිණීමට ද නොහැකි වනු ඇත.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom