ස්වීඩනයේ පළමු අගමැතිනිය ඉල්ලා අස්වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 25, 2021

ස්වීඩනයේ පළමු අගමැතිනිය ඉල්ලා අස්වෙයි

ස්වීඩනයේ පළමු කන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වුණු පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකා මැග්දලේනා ඇන්ඩර්සන්, පැය 12 ක් ගතවීමටත් පෙර එම ධුරයෙන් ඉල්ලා අස්වූවාය. ඒ ඇය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පරාජය වීමත්, ඇගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සන්ධානගතව සිටි හරිත පක්ෂය එම සන්ධානයෙන් ඉවත්වීමත් හේතුවෙනි.

හරිත පක්ෂය සන්ධානයෙන් ඉවත් වූයේ ඇන්ඩර්සන්ගේ අයවැය පිළිගත නොහැකි බව පෙන්වා දෙමිනි. ඉදිරියේ දී තමන් තනි පක්ෂයකින් පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමට සූදානම් බවත්, යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට බලාපොරොත්තුවක් ඇති බවත් මැග්දලේනා ඇන්ඩර්සන් කතා නායක ඇන්ඩ්‍රියාස් නෝලන්ට පවසා තිබේ.

54 හැවිරිදි මැග්දලේනා ඇන්ඩර්සන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකාව ලෙස කටයුතු කරන්නේ පසුගිය නොවැම්බර් 4 වැනිදා සිටය. ඊයේ (24) ඇය අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරයට පත් කර ගැනීම සිදුවූයේ ස්වීඩන පාර්ලිමේන්තුව හෙවත් 'රික්ස්ටාග්' Riksdag මන්ත්‍රණ සභාවය.

'රික්ස්ටාග්' මන්ත්‍රණ සභාව සාමාජිකයන් 349 දෙනාගෙන් සමන්විතය. 'නෝර්ඩික්' රාජ්‍යයක අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු පළමු කාන්තාව ද ඇය විය. 'කෝර්ඩික්' Nordic රටවල් යනු උතුරුදිග යුරෝපීය සහ උතුරුදිග අත්ලාන්තික් කලාපීය රටවල්ය. 

 පාසල් වියේ දී මැග්දලේනා ඇන්ඩර්සන් පිහිනුම් ශූරියක ලෙස ජයග්‍රහණ රැසක් දිනා ඇත. ඇය දේශපාලනයට පිවිසියේ 1996 වසරේදීය. ඒ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ගොරෙන් පර්සන්ගේ උපදේශිකාවක ලෙසය. ඇය ස්වීඩනයේ මුදල් අමාත්‍යවරිය ලෙස වසර 7 ක් එම ධුරය හොබවා ඇත.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom