බ්‍රිතාන්‍ය අගමැතිට යළි පිය පදවිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 12, 2021

බ්‍රිතාන්‍ය අගමැතිට යළි පිය පදවිය

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට දෙවැනි වරටත් පිය පදවිය උරුම විය. ඒ ඔහුගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස් දියණියක ප්‍රසූත කිරීමත් සමඟය. කැරී සිමොන්ඩ්ස්, බොරිස් ජොන්සන්ගේ සිවුවැනි බිරිඳය. 

57 හැවිරිදි ජොන්සන් සහ 33 හැවිරිදි සිමොන්ඩ්ස් විවාහ වුයේ මෙම 2021 වසරේ මැයි මාසයේදීය. ඊට පෙර දෙදෙනා වසර ගණනක් එකට ජීවත් වූහ. ජොන්සන් සහ සිමොන්ඩ්ස් ට පුතෙක් සිටී. ඔහු විල්ෆ්‍රඩ් වන අතර, ඔහු උපත ලැබුවේ 2020 අප්‍රේල් මාසයේය. 

විල්ෆ්‍රඩ් උපත ලැබුවේ බ්‍රිතාන්‍යය 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකද්දීය. ඒ වනවිට අග්‍රාමාත්‍ය ජොන්සන් ද බිරිඳ කැරී සිමොන්ඩ්ස් ද 'කොවිඩ් 19' ආසාදිතයෝ වූහ. අසාධ්‍ය තත්ත්වයට පත් වුණු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කෙරුණු අතර ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට පවා සිදුවිය. 

ගැබිනියක වූ කැරී සිමොන්ඩ්ස් අසාධ්‍ය තත්ත්වයට පත්වූයේ නැත. මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය ද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් තිබේ. 'ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන් එහි ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව තහංචි පැනවීමට අග්‍රාමාත්‍ය ජොන්සන් කටයුතු කර ඇති නමුත් එය දැඩි ජනතා අප්‍රසාදයට හේතුවක් වී ඇත.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom