විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 13, 2021

විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියට

''යෞවන පරපුර වර්තමානයේ මුහුණදෙන විශාලම පීඩනය තමයි තමා ගැන විශ්වාස කිරීම. තමා සුවිශේෂයි කියන දේ තේරුම් ගැනීම. එවිට සියලුදෙනා ලස්සනයි. ඔබව අනෙකා සමග සමාන කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට ලොව සිදුවන වඩා වැදගත් දේ ගැන කථා කරමු. එයයි ඔබ වටහාගත යුත්තේ. ඔබ වෙනුවෙන් ඔබම කථා කරන්න. ඒ මන්දයත් ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි. ඔබ වෙනුවෙන් ඔබ හඬ නැගිය යුතුයි. එම නිසා තමයි මම මෙතැන අද ඉන්නේ." - හර්නාස් සන්දු - විශ්ව රූ රැජින 2021 

 2021 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු සමත් වූවාය. විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වූයේ ඊශ්‍රායලයේ ඒලාත් නුවර, 'යුනිවර්ස් එරීනා' රඟහලේ දීය. මෙය 70 වැනි විශ්ව රූ රැජින තරගාවලියයි. 

විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියකට හිමිවුණු තෙවැනි අවස්ථාව මෙයයි. හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුළ දිනූ ඉන්දීය සුරූපිනියන් වන්නේ, සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා ය. සුෂ්මිතා සෙන් විශ්ව රූ රැජින බවට පත් වූයේ 1994 දීය. ලාරා දත්තා විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳියේ 2000 දීය. 
ඒ අනුව හර්නාස් මෙසේ කිරුළු පැලඳියේ වසර 21 කට පසු වීම ද සුවිශේෂත්වයකි. විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමත් සමඟ සුෂ්මිතා සෙන් මෙන්ම ලාරා දත්තා ද ජනප්‍රිය බොලිවුඩ් තරු බවට පත් විය. ඔවුන් දෙදෙනා ම හර්නාස් ට සුබ පැතුම් එක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

හර්නාස් මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරයි. රටවල් 80 ක සුරූපිනියෝ විශ්ව රූ රැජින කිරුළ සඳහා ඉදිරිපත්ව සිටියහ. මෙවර, විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලලිලා ස්වනේටත් හිමිවිය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom