සමන්තාගේ සතුට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 29, 2021

සමන්තාගේ සතුට

ගෙවී යන 2021 වසර, සමන්තා රූත් ප්‍රභූ ට අමතක නොවන වසරක් බව නිසැකය. සැමියා මෙන්ම ජනප්‍රිය නළු නාගා චෛත්‍යයන්ගෙන් දික්කසාද වී, 2022 නව වසරේ සිට අලුත් ගමනකට සූදානමින් සිටින සමස්තා මේ දිනවල නිවාඩුවකට ගෝව ගොස් සිටින්නීය. ඒ තනිවම නොවෙයි, ඇගේ හොඳම යෙහෙළියන් දෙදෙනා ද සමඟය.

34 හැවිරිදි සමන්තා ගෝවා බලා ගියේ ඇගේ හොඳම යෙහෙළියන් වන වාසුකී සුන්කාවල්ලි සහ ෂිල්පා රෙඩී ද සමඟය. වාසුකී සුන්කාවල්ලි නිරූපිකාවක සහ වෘත්තීය නීතීඥවරියකි. ෂිල්පා රෙඩී විලාසිතා නිර්මාණකාරියක මෙන්ම ව්‍යාපාරික කාන්තාවකි. 
සමන්තා යෙහෙළියන් සමඟ සතුටින් නිවාඩු ගත කරන ඡායාරූප සහ වීඩියෝ ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ වි ඇති අතර, ඇගේ රසික රසිකාවියන්ගෙන් පමණක් නොව ඇයට ආදරේ බොහෝ දෙනකුගෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබෙන්න බටන් ගෙන තිබේ. 

සමන්තා, 'පුෂ්ප' චිත්‍රපටය සම්බන්ධයෙන් පවා සිරස්තල මවන්න වූවාය. ඒත් ඇය 'පුෂ්ප' චිත්‍රපටයේ සම්බන්ධ වී සිටින්නේ එහි එක් ගීතයක් සඳහා පමණි. 2022 දී තනිවම අලුත් ගමනක් ආරම්භ කිරීමට තමන් සූදානම් බව සමන්තා පවසා තිබේ. 'සකුන්තලාම්' සහ 'යශෝදරා' ඇය රංගනයෙන් එක්වන තෙළිගු චිත්‍රපට වන අතර, 'කාතු වාකුලා රෙණ්ඩු කාදල්' ඇය රංගනයෙන් දායක වන දෙමළ සිනමා සිත්තමය.

හින්දි බසින් නිර්මාණය වූ 'ෆැමිලි මෑන්' දෙවැනි ටෙලි කතා මාලාව හරහා ද සමන්තා කැපී පෙණුනාය. ඒ, එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස කළ රංගනයෙනි. 
එම රංගනය වෙනුවෙන් මෙල්බර්න් නුවර පැවැති ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ දී 'හොඳම නිළිය' සම්මානය ද ඇය හිමි කර ගත්තාය. තෙළිගු සහ දෙමළ චිත්‍රපට නිළියක ලෙස ජනප්‍රිය වී සිටින සමන්තා ට හින්දි රසික රසිකාවියන් අතරේ පමණක් නොව ජාත්‍යන්තරය ජය ගැනීමට පවා 'ෆැමිලි මෑන්' ඉවහල් වූ බව රහසක් නොවේ.

සමන්තා සම්මානීය නිළියකි. 'ෆිල්ම්ෆෙයාර්' ඇතුළු ප්‍රධාන පෙළේ සිනමා සම්මාන උළෙල කීපයකදී ඇය ඇගයීමට ලක් වී ඇත. සමන්තා උපන්නේ 1987 අප්‍රේල් 28 වැනිදාය. ඇය උසස් අධ්‍යාපනය ලබමින් වාණිජ උපාධිය සම්පූර්ණ කළේ නිරූපිකාවක ලෙස ජනප්‍රිය වෙද්දීය. 

නිරූපිකාවක ලෙස ජනප්‍රිය වෙද්දී, ඇය සිනමාවට  පිවිසියාය. විචාරක පැසැසුමට ලක් වුණු සමන්තාගේ පළමු චිත්‍රපටය වන්නේ Ye Maaya Chesave (2010) ය. හොඳම නවක නිළිය ලෙස මෙම චිත්‍රපටය වෙනුවෙන් ඇයට සම්මාන හිමිවිය. සමන්තාගේ පියා තෙළිගුය. මව මලයාලම්ය. සමන්තාට සොහොයුරන් දෙදෙනෙකි.

෴ උපුටා ගැනීම - Film Fare

Classified_Ad

Classified_Ad_News_Bottom