වාර්තා අලුත් කළ පුංචි කෙල්ල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 29, 2021

වාර්තා අලුත් කළ පුංචි කෙල්ල

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා සමත් වූවාය.

එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහාම රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කම ද ඇය දිනා ගත්තාය.

එම සුවිශේෂි ජයග්‍රහණය සමගම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ඇය විසින්ම බිඳ හෙලනු ලැබීය.
තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි. 

රටවල් 19 ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ ඉස්තාන්බුල් හි දී මෙම ආසියානු සවි එසවීමේ ශූරතාවලිය පැවැත්වෙයි.

Classified_Ad