නිල නිවසේ භෝජන සංග්‍රහයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 20, 2022

නිල නිවසේ භෝජන සංග්‍රහයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය නිල නිවසේ දී ජූලී චන්ග් මහත්මිය වෙනුවෙන් ඉකුත් දා (15) දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූවා ය. 

ජූලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස කොළඹට පැමිණීමට පෙර මෙම දිවා භෝජන සංග්‍රහය පැවැත්විණි. චන්ග් මහත්මිය ඉකුත් දා (18) කොළඹට පැමිණි අතර මෙම සතියේ දී රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය. 

තානාපති මහින්ද සමරසිංහ මහතාගේ නිවසේ පැවැති දිවාභෝජන සංග්‍රහයට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad