සිංගප්පූරුවේ වීරයෙක් වුණු අමිල චින්තන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 17, 2022

සිංගප්පූරුවේ වීරයෙක් වුණු අමිල චින්තන

කඩුවක් අතැතිව මහාමාර්ගවල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කර ගැනීමට සමත් වූ බැවින් හේතුවෙන් සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට එරට පොලිසියෙන් සම්මානයක් හිමිවිය.

මෙලෙස සම්මාන ලබා ඇත්තේ සිංගප්පූරුවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු වන 35 හැවිරිදි අමිල චින්තනටය. අමිල චින්තන සිංගප්පූරුවේ බෙදාහැරීමේ සේවා සපයන සමාගමක් පවත්වාගෙන යයි. 

සමුරායි කඩුවක් අතින් පුද්ගලයකු මෙලෙස මාර්ගයේ වීදිවල හැසිරී තිබෙන අතර ඔහු අමිල චින්තන ට ද කඩු පහර එල්ල කර තිබේ. එම ප්‍රහාරවලින් චින්තන ට කැපුම් තුවාල සිදු ව තිබේ. කෙසේ නමුත් කඩුව අතින් පුද්ගලයා බිම දමා ඔහු පාලනය කරගැනීමට චින්තන සමත් වූ බව පැවැසෙයි.

සිංගප්පූරු පොලිසිය එදිනෙදා ජීවිතයේ දී, මහජනතාව වෙනුවෙන් වීරත්වය පළ කරමින් මහජන සුබසිද්ධිය උදෙසා කටයුතු කරන සිවිල් වැසියන් අගය කරමින් සම්මාන ලබාදීමක් සිදු කරයි. 

මෙසේ මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙමින් කඩුව අතැතිව මාර්ගවල ගමන් කර ඇත්තේ 37 හැවිරිදි සිංගප්පූරු ජාතිකයකු වන ෆාදීල් යූසුෆ් නමැති පුද්ගලයෙකි. 

 ඔහු නිවසින් පිට වීමට පෙර යම්කිසි ඖෂධයක් හෝ මත්වන ද්‍රව්‍යක් හෝ පානය කර ඇතැයි ද අමිල චින්තනට කඩු ප්‍රහාර එල්ල කිරීමට පෙර වාහන කිහිපයකට අලාභහානී කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත. 

෴ උපුටා ගැනීම -  සිංගප්පූරු මාධ්‍ය

Classified_Ad

Classified_Ad_News_Bottom