ප්‍රංශ යුවතියෝ ගම් මැද්දේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 17, 2022

ප්‍රංශ යුවතියෝ ගම් මැද්දේ

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුනින්, ශ්‍රි ලංකා ගුවන් සමාගම සහ ප්‍රංශයේ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද Raid Amazones 2022 වැඩසටහන සීගිරිය පොල්අත්තාව ගම්මානය කේන්ද්‍රකොට ගනිමින් පසුගිය දා පැවැත්විණි.

ප්‍රංශ යුවතියන් 300 දෙනකු පමණ සම්බන්ධ වී සිටි අතර, වැඩසටහන පැවැත්වීම සිදුවූයේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ශ්‍රි ලංකා ගුවන් සමාගමේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙනි.
පොල්අත්තාව විහාරස්ථානය අසලට එක් රැස් වුණු ප්‍රංශ යුවතියන් 300 දෙනාගෙන් 240 දෙනෙක් පසුගියදා උදෑසන 6.30 ට පමණ ග්‍රාමීය ප්‍රදේශ ඔස්සේ කිලෝමීටර් 16ක පමණ දුරක් පා ගමනින් දිවීම ආරම්භ කළහ.

ප්‍රංශ යුවතියන් කණ්ඩායම්වලට බෙදා විනෝදාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙය සංවිධානය කොට තිබුණු අතර සීගිරිය සිට වෑවල වැව දක්වා මෙම පිරිස දීවීම සිදු කළ ශ්‍රි ලංකා ගුවන් සමාගම පවසයි.
මේ අවස්ථාවට එක්වූ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ සිට යුවතියන් තුන් සියයක් පමණ දෙනා එක්ව සිටින බවය.  

එයින් යුවතියන් දෙසිය හතළිහක් පමණ දෙනා මෙම ඉසව්වට සහභාගී වන බවත් ඉදිරි දින කිහිපයේම මෙවැනි විවිධ ඉසව් සංචාරක ප්‍රවර්ධනයට සූදානම් කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom