සනී ලියෝනි මවිත කළ රසිකයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 21, 2022

සනී ලියෝනි මවිත කළ රසිකයා

සනී ලියෝනි ගැන අටුවාටිකා අවශ්‍ය නැත. පසුගිය දා සනී ලියෝනිට සතුටු වීමට පමණක් නොව ආඩම්බර වීමට ද හේතුවක් උදා විය. ඒ, ඇයට ඇයගේ රසිකයෙකු හමුවීමත් සමඟය. 

මේ තරුණ රසිකයා, සනී ලියෝනිට කොතරම් ඇලුම් කරනවාදැයි කීවොත් ඔහු ඇගේ නම ඔහුගේ අතේ පච්චා කොටාගෙන ඇත. 

තරුණයාගේ පච්චය පෙන්වමින් සනි ලියෝනි රූගත කළ කෙටි වීඩියෝ දසුන් මේ වනවිට ඇගේ Instagram සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, ඉන්දීය මාධ්‍ය අවධානය ද ඊට යොමු වී තිබේ.
'දැන් ඔයාට සිදුවේවි හැමදාම මට ආදරේ කරන්න. ඔයාට බිරිඳක් හමුවුණොත් ඒක වාසනාවක්' යැයි සනී ලියෝනි එම වීඩියෝ දසුන්වලට Comment යොදා තිබේ. 

ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට රැසක සනී ලියෝනි දැක ගැනීමට හැකිවනු ඇතැයි Times of India වෙබ් අඩවිය පවසයි.

ඉදිරියේ දී මලයාලම් චිත්‍රපටයක් වන 'රංගීලා', දමිල චිත්‍රපට දෙකක් වන 'වීරමාධවී' සහ 'ෂෙරෝ' ආදිය හරහා සනී ලියෝනිගේ රංගනය දකින්න ලැබේ. සනී ලියෝනිගේ රංගනය දැකිය හැකි මීළඟ හින්දු චිත්‍රපටය වනු ඇත්තේ 'හෙලන්' ය.

෴ උපුටා ගැනීම - Times of India

Classified_Ad