
විශ්වයේ ඈත පාවෙන, අලුතින් සොයාගන්නා ලද ග්‍රහකයක්, කොළඹ විශ්ව විද්‍යාලයට ගෞරවයක් ලෙස නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන තිබේ. මෙය සැබැවින්ම සුවිශේෂී අවස්ථාවකි.
කිලෝ මීටර් 1 - 2 අතර ප්‍රමාණයෙන් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය කලාපයේ පිහිටි ග්‍රහකයක් වන මෙය නම් කර ඇත්තේ 'කලම්බුයුනිලංකා' Colombounilanka යනුවෙනි.
ලෝකයේ විශ්වවිද්‍යාල සිහි ගන්වමින් ඒවා වෙනුවෙන් නම් කෙරුණු ග්‍රහක ඇත්තේ ස්වල්පයකි. එම ග්‍රහක අතරට මෙම නව ග්‍රහකය ද ඇතුළත් වෙයි.
මෙම ග්‍රහකය මුල්වරට හඳුනා ගැනීමට සමත් වී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ආචාර්ය නලින් සමරසිංහ හා ප්‍රකට තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර්ය.
ඇමරිකා එක්සත් ජනදපයේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට්පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී ඔවුන් මෙම ග්‍රහකය හඳුනාගෙන ඇත.
අලුතෙන් සොයාගත් ග්‍රහකයක් නම් කිරීමේ දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ මාර්ගෝපදේශ අනුව එය සිදුවිය යුතුය. නව ග්‍රහකය Colombounilanka ලෙස නම් කිරීම ද එම මාර්ගෝපදේශවලට අනුව සිදු කර තිබේ.
විද්‍යා හා මානවශාස්ත්‍ර අධ්‍යාපනයෙහි ශත සාංවත්සරය ද ඉකුත් දා සැමරූ කොළඹ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුකරන ලද සුවිසල් මෙහෙවරට ගෞරවයක් වශයෙන් Colombounilanka යන නමින් මෙම ග්‍රහකය නම් කිරීමට තීරණය කළ බව ග්‍රහකය නම් කිරීම සඳහා මූලිකත්වය ගත් ආචාර්ය නලින් සමරසිංහ මහතා පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තාරකා විද්‍යාඥයකුට තමන් විසින් සොයාගන්නා ලද ග්‍රහකයක් නම්කිරීමට ලැබුණු පළමු අවස්ථාව ලෙස ද මෙය වීම ද විශේෂත්වයකි.
෴ ඩයනා උදයංගනී
උපුටා ගැනීම - ලංකාදීප