ශස්නා මුසම්මිල් මැතිවරණය ජය ගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 22, 2022

ශස්නා මුසම්මිල් මැතිවරණය ජය ගනී

හිටපු කොළඹ නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය ශස්නා මුසම්මිල් පසුගිය මැයි 5 වෙනිදා පැවති බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළාය. 

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ටැටන්නෝ පළාතේ මිල්ටන් කේන්ස් කවුන්සියලය සඳහා ඉදිරිපත් වූ ශස්නා මුසම්මිල් මහත්මිය එහි ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.

කන්සර්වේටිව් පක්ෂය ටැටන්නෝ පළාතේ පසුබෑමකට ලක්ව තිබියදීත් ආසනයේ ප්‍රථම ස්ථානයට ශස්නා මුසම්මිල් මහත්මිය තේරී පත් විය. 

ශස්නා මහත්මිය කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් වන අතර බ්‍රිතාන්‍ය විවෘත විශ්ව විද්‍යාලයේ සංවර්ධන කළමනාකරණය පිළිබඳ පශ්චාත් විද්‍යාවේදී උපාධිධාරිනියකි. ශස්නා මුසම්මිල් මහත්මිය සමාජ සේවිකාවක් ද වන්නීය.

Classified_Ad

Classified_Ad_News_Bottom