මාස්ක් දාන්නම ඕනෑ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 10, 2022

මාස්ක් දාන්නම ඕනෑ නෑ

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය අද (10) සිට අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 

ඒ අනුව එළිමහන් ස්ථානවල මෙන්ම නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේත් මුහුණු ආවරණ පැළඳීම අද (10) සිට අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් එවන් අවස්ථාවල මුහුණු ආවරණ පැළඳීම සුදුසු බව එහි සඳහන් වේ. 

පෙර පරිදි දිගින් දිගටම මුහුණු ආවරණ පැළඳීමට යම් කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නම්, මෙම සංශෝධනය ඊට කිසිදු බාධාවක් නොවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන්ය.

෴ ඩයනා උදයංගනී
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad